Broken 21

197 35 21
                                    

"නූනා...."

"ම්ම්ම්"

"නූනා වැඩ කරද්දි ගොඩක් මහන්සි වෙන්න එපා..."

"හ්ම්ම්"

"ඒ පර මොකද ඔයා ම්ම්...ම්ම්ම්... ගාන්නෙ"

කුකී දගකාර හිනාවක් මූනට අරන් ඇයි කතා කරන්නෙ නැත්තෙ අහනවා....

මන් මොනාද කියන්නෙ කුකී....මට දෙන්න උත්තරයක් නැත්තන් මන් මොනා කරන්නද...ඒකද ඔයත් හ්ම්ම් ගෑවෙ...මන් අහන දේවල් වලට් ඔයාටත් දෙන්න උත්තර නැද්ද මගෙ හා පැටියෝ. ..

"මට දොයිමතයි කුකී..."

"හ්ම්ම්...නූනා ගිහින් ෆ්‍රෙශ් වෙලා එන්නකො ඊට පස්සෙ අපි දොයිය ගමු...හරිද"

කුකී මට කියද්දි මන් ඔලුව වනලා රෙදි ටිකත් අරන් bathroom එකට රින්ගුවා...

.

.

.

Next day morning...

අදත් වෙනදා වගේම උදේ පාන්දර යුද්ධෙ ඉවර කරලා කුකීව ස්කූල් දාගෙන මාත් චේන්ජ් කරගෙන ගියේ වැඩට යන්න පරක්කු වෙන හින්දා....trouser එකට උඩින් ඇගට ලොකු ටීශර්ට් එකක් ඇදලා ඊට උඩින් හූඩි එකත් දාලා ඉස්සරහට නෙරලා තියන පපුව හන්ගගෙන කොණ්ඩෙත් ඔලුවට තද කරන් බෝයි විග් එකකුත් දාලා ඊට උඩින් කැප් එහෙකුත් දාගෙන මන් ටේහො විදිහට මගෙ වැඩ කරන්න පටන් ගත්තා...

"ටේහො උබ අදත් පරක්කුයි මිනිහෝ..."

"දන්නෙ නැද්ද ලොක්කා පොඩ්ඩක් ඉතින් පරක්කු උනා..."

කට හඩත් ගොරෝසු කරන් මන් ගොන් හිනාවක් දාන් හිනාවෙලා ලොක්කට බව් කලා..

"හ්ම්ම් හ්ම්ම්.. ඉක්මනට වැඩ පටන් ගනිං....අද වැඩ වැඩී.."

මුලදි මේ කතා විලාසෙට බය උනත් මන් ටික ටික ඒකට පුරුදු වෙලා...

"කෝ අනිත් එකා..."

ලොක්කා මන් දිහා බලන් අහනවා...ඔය අහන්නෙ කවුරු ගැනද කියලා මන් දන්න නිසා මන් ඇහුනෙ නෑ වගේ හිටියා...

"ආයිශ් මදෑ මාත් කොරගත්ත ගොන් කමක්...තරුණ උන් දෙන්නෙක් අනේ ලොක්කා ගගා පස්සෙන් ආවම තරුණ ජවය කියලා මාත් වැඩට ගත්තනේ.. මදෑ....මුන් ඔක්කොම ඉපදිලා ඉන්නෙ මාව කන්න..."

Without meWhere stories live. Discover now