Boken 08

196 40 19
                                    


"ඒයි පො$#% අත ඇරපන් මගෙ නූනව"

කුකී කෑ ගැහුවා....කුකී මගෙයි උගෙයි මැද්දට පැනලා මාව උගෙන් ගලෝගෙන ඒ තුරුලට ගත්තා....මට ඒ වෙලාවෙ දැනුනු සැනසීම වචන කරන්න බෑ....හැබැයි ඒ සැනසීම තිබ්බෙ ටික වෙලාවයි.....අර සතා කුකීව ඇදලා අරන් බිම දාගෙන පයින් ගහන්න පටන් ගත්තා.....මගෙ කුකී....අරූ කොහොමද මගෙ හුස්ම ටිකට ගහන්නෙ....මන් මන් දුවලා ගිහිල්ලා කුකීව කවර් කරගෙන එයාව බදා ගත්තා.....කොන්දට වැදුනු සැර පාරත් එක්ක මාව කුකීගෙ ඇග උඩට වැටුනා....මන් මේ ලෝකෙ දකින්න බයම දේ කුකීගෙ ඇස්වල තියෙන කදුලු..ඒත් දැන් මන් නිසාම ඒ ඇස් දිගේ කදුළු කැට බේරෙනවා....මාව ඇදලා පැත්තකට කරපු අර තිරිසනා ආයිත් කුකීට ගහන්න පටන් ගත්තා....

"අනේ චෙබල් මගෙ කුකීව අත ඇරලා ඕන දෙයක් මට කරන්න දෙයියනේ....මන් මේ වැදලා ඉල්ලන්නෙ"

බිම දනගහගත්ත මන් අත් දෙක එකතු කරලා වැද වැද අර තිරිසනා ඉස්සරහා බැගෑපත් වෙද්දි.....

"එහෙනං අද මගේ වෙයන්....මගෙ ඇගට යට වෙලා කෑ ගහපන්....මොකද කියන්නෙ....උබ ලෑස්තී නේද මගෙ පැටියෝ"

මගෙ කම්මුලක් අත ගාණ ගමන් ඌ ඇහුවේ මගෙ තොල් දිහා පේරේත කමින් බලාගෙන....මන් මොනාද කරන්න ඕනේ...මන් හින්දා කුකීට ගුටි කන්න දෙන්න ඕනෙද....නෑ මට බෑ...ආත්මාර්තකාමී වෙලා කුකීට රිද්දන්න මට බෑ...මගේ කුකී වෙනුවෙන් මීට වඩා දෙයක් දෙන්න උනත් මන් පසුබට වෙන්නෙ නෑ......

"තොට ඕනෙ මාවනේ.....හරි මන් තොට ඕන දේ දෙන්නං....ඊට කලින් මට එක පාරක් කුකී ගාවට යන්න දීපන්...."

මන් දිහා මහ කැත විදිහට බලන් හිනා වෙලා ඌ ඔලුව වනද්දි කොන්දත් අල්ලගෙන මන් අමාරුවෙන් කුකී ගාවට ගිහින් ඒ ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා....

"කුකී පැටියෝ....ඔයාට ගොඩක් රිදෙනවද...නූනට සමාවෙන්න පන"

මන් අඩ අඩම ඒ ඔලුව් අත ගෑවා....තොල පැලිලා...කම්මුල නිල් වෙලා...ඔලුව දිගේ ලේ බේරෙනවා.....අනේ මගෙ හා පැටියා....මන් කොහොමද දෙයියනේ දරා ගන්නෙ....

"නූ....නා...... චෙ..චෙ..බල්.... එපා.... දෙයි...ය..නේ"

කුකී මිමිනුවා...මියානෙ කුකී නූනට වෙන කරන්න දෙයක් නෑ.....මගෙ චූටි කුකී වෙනුවෙන් නූනා මැරෙන්න උනත් ලෑස්තී...

Without meWhere stories live. Discover now