Broken 27

234 36 39
                                    


"ට්...ටේහෝ.. ඔයා?"

"දෙ..දෙයියනේ ජි..ජිමින්!!"

"තමුසෙ...තමුසෙ කෙල්ලෙක්ද..."

ඔහොම මන් දිහා බලන්න එපා ජිමිනා...මට දරාගන්න බෑ..

"මම මම.."

"ඇති තව වචනයක්වත් එපා...ඒ කියන්නෙ තමුසෙ මෙච්චර කල් මාව රැවැට්ටුවද? ඇයි චූටි මට මෙහෙම කලේ..."

එයා මගෙ අත අතඇරියා..ඒ ඇස්වල කදුළු..එයාට දරා ගන්න බැරුව ඇති..එතකොට මගෙ කුකී මේ ගැන දැනගත්ත දවසට...

"ජිමිනී.. අනේ මන් කියන දේ එක විනාඩියකට අහන්නකො..."

"මට දැන ගන්න ඕනෙ ටේ හෝ.. හැමදෙයක් ගැනම"

"හේයොන් ජිමින්.."

"මොකක්...."

"හේයොන්.. මගෙ නම ජියොන් හේයොන්.."

"මම පොඩි කාලෙදිම මගෙ ඔම්මයි අප්පයි මාව දාලා ගියා...මගෙ කුකී.........එන්න එහෙමයි දේවල් උනේ"

මන් මගේ හැමදෙයක්ම එයාට කිව්වා..මගේ ජීවිතේ අදුරු මතක වල ඉදන් සුන්දර මතක ඔක්කොම මන් ඒ මූන දිහා බලන් කිව්වා...පැය දෙකක් විතර අඩ අඩ හිනා වෙවී මන් කියපු කතාව එයා හරි ඕනකමින් අහන් හිටියා..ඒ ඇස් වලත් කදුළු නොතිබ්බම නෙමෙයි..ඒ ඔක්කොම කියලා ඉවර වුනාට පස්සෙ එයා මාව තද කරලා බදා ගත්තා...

"කලින් කෑ ගැහුවට සමාවෙන්න චූටි.."

මන් එයාව ආපිට බදා ගන්න හදද්දි දෙයක් මතක් උනා වගේ එයා ඉක්මනට මගෙන් ඈත් උනා...කම්මුල් දෙකත් රතු කරන් ඉන්න විදිහ දැක්කම නං කන්න හිතෙනවා අෆ්ෆා..

"මේ මේ බියානේ.. අමතක උනා කෙල්ලෙක් කියලා හී..."

දත් සෙට් එකත් එළියට දාන් එක අතකින් ඔළුවත් කස කස බෙල්ලත් ඇලකරන් කතා කරන විදිහටනං හිනත් යනවා සාම්ත..

ජිමින්ගෙ කර උඩින් පාර දිහා බැලුවම මට නිකම්ම කෙළ ගිලුනෙ පාර කොණෙන් මතු වෙච්ච කෙනා දැකලා..

"කුකී..."

"ඇති අප්පා ඔය කුක්කා ගැන කිව්වා...වචන දහයක් කිව්වොත් පහක්ම කුකී..."

මම රත් වෙලා ඉද්දි මේකා හිනා වෙනවා....

"නෑ ජිමින් කුකී එනවා..."

Without meWhere stories live. Discover now