Broken 16

192 37 14
                                    

මේ අහනවා නූනා..මැණික චෙබල් මෙතන පිස්සු වැඩ කරන්න එපා....."

කුකී ගේ දෙවනත් වෙන්න කෑ ගහනවා...දන්නවද කුකී තමන් ආදරේ කරන අය තමන්ගෙ ඇස් ඉස්සරහම නැති වෙනවා කියන්නෙ පන පිටින් පුච්චන්න පුළුවන් තරමේ වේදනාවක්...එක පාරක් ඒ අත්දැකීම වින්ද මන් ජීවිතේ නිකන් විහිළුවක් කියලා හිතුවා..ඇයි මන් මේ ජීවත් වෙන්නෙ කියලා හිතුවා...එදා ඔයා ඔම්මා අප්පා මගෙ ඇස් ඉස්සරහා ජීවත් වෙන්න පන අදිද්දි ඇයි මට ඔයාලත් එක්ක එහෙම පන අදින්න බැරි උනෙ කියලා හිතුවා...මන් ගිය ආත්මෙ කරපු ලොකූ පවකට මේ ආත්මෙ මන් මෙච්චර විදවනවා....ඒත් දෙවියෝ මන් හිතපු තරන් නපුරු නෑ...ඔයා දන්නවද කුකී මනුස්සයෙක්ට ජීවත් වෙන්න කියලා ඕනෙ එක දෙයයි...ඒ තමයි අරමුණක් නැත්තන් බලපොරොත්තුවක්....ඒ වගේම තමන් ගැන විශ්වාසයක්...එදා ඒ තුනම එක පාරටම නැති උන මට ආයිත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නෙ ඔයා කුකී....මැරි මැරි ඉපදිච්ච මට එදා අම්මා කෙනෙක් වෙන්නත් කලින් දරු සෙනෙහසක් දැනුනා...ඒ ඔයා නිසා මගෙ චූටි කුකී...ඔයා මගෙ දොංග්සන් උනත් ඔම්මයි අප්පයි නැති උනාම ඔයා මට මගේ දරුවෙක් වගෙයි දැනුනේ.....අම්මෙක්ට එයාගෙ මුළු ලෝකෙම තමන්ගෙ දරුවා වගේ මගේ මුළු ලෝකෙම ඔයා කුකී....දන්නවද කුකී අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් නටන ලෝදිය වලකට පැනලා විලාප තියන්න උනත් පුළුවන්....එහෙව් එකේ මගේ මැණික වෙනුවෙන් මේ නූනාට කරන්න බැරි දෙයක් නෑ කුකී....

"අනේ නූනා කුකී කියන දේ අහන්න චෙබාල්"

කුකී ඇස්වල කදුළු පුරෝගෙන මන් දිහා බලන් ඉන්නවා....කලින් තිබ්බ තරහා වෙනුවට දැන් ඒ ඇස්වල තියන්නෙ බයක් එක්කම ලොකු අසරණකමක්....

"ළමයි ඔයාලා තේරුම් ගන්න ඕනෙ මේ දේවල්....අපි ඔයාගෙ දොංග්සන්ට වැරැද්දක් කරන්න හදනවා නෙමෙයිනේ...මට මෙතන විහිළු කරන්න වෙලාවක් නෑ....ඔයාට භාරකාරයෙක් ඉන්නවනම් ඒ ගැන මාව දැනුවත් කරන්න"

මට හැමදේම පෙව්නෙ බොද වෙලා..මගෙ කදුළු මටත් කලින් ඉස්සර වෙලා.....අනේ මගෙ කුකී....ප්ලීස් නූනාට මෙහෙම දුක් දෙන්න එපා....කලින් යන්න බෑ කියලා අඩපු මගේ කුකී දැන් කිසිම හැගීමක් නැති මූනකින් ඔහේ බලන් ඉන්නවා. ..

Without meWhere stories live. Discover now