Broken 39

124 18 31
                                    


දවසම මැරිලා මැරිලා මායි ජිමිනුයි ආපහු බයික් එක ළගට ආවෙ ඉක්මනට ගෙදර යන්න තිබ්බ උවමනාවට..

"ඔයා අද කුකීව දැක්කද චූටි.."

"නෑ minie.."

"ම්ම්.. ඉස්සරහටත් එයාව හම්බෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු.."

"හ්ම්ම්.."

කතාවෙන් කතාවෙන් අපි එයාගෙ ගෙදරට එද්දි මන් ඉක්මනට චේන්ජ් කරගත්තෙ කුකී ගෙදර ඇවිත් නං මට විසුමක් වෙන්නෙ නැති නිසා...

________________________________

"ඔයා අද පරක්කුයි නූනා..."

"හදිස්සි වැඩ වගයක් තිබ්බා කූ.. ඒකයි එන්න පරක්කු උනේ.."

"මොන වැඩද.."

"ඔෆිස් එකේ වැඩනෙ.."

"ඔෆිස් එකේ මොනාද මෙච්චර රෑ වෙනකන් කරන්න තියන වැඩ..."

"මේ.. මේ.. කොච්චර වැ..ඩ තියනවද.. අනිත් එක මන් පරිස්සමට ගෙදර ආවනෙ කුකී.. බය වෙන්න දෙයක් නෑනෙ.."

"ඒ උනාට.."

"දැන් ඇති ඔය කතාව.. එන්න කන්න හොද ළමයා වගේ..."

"එත් නූනා.."

"නූනා මහන්සි වෙලානෙ ඉව්වෙ කූ.. මගෙ හොද කොල්ලා වගේ කාලා ඉන්නකො ඉස්සෙල්ලා..."

"ම්ම්.."

"ඉන්න මන් ඔයාට වතුර එකක් අරගෙන එන්නං..."

කුස්සියට ආපු ගමන් මෙච්චර වෙලා හිර කරගෙන හිටපු හුස්ම පිට කරපු මම එහෙම්ම බිත්තියට හේත්තු උනා...කවදා ඉදන්ද මේ කොල්ලා මෙච්චර ප්‍රශ්න අහන්න පටන් ගත්තෙ..තව කොච්චර කල් මේ බොරුව කරන්නද.. කුකී කවදමහරි දවසක මාව තේරුම් ගනී.. එහෙම දවසක් එනකං මන් මට පුළුවන් විදිහට මේ රහස රකිනවා...අවුරුදු ගාණක් තිස්සෙ පරිස්සම් උන මට තව ඉස්සරහටත් පරිස්සම් වෙන්න බැරි කමක් නෑනෙ...

"නූනා ඔයා මොකද කරන්නෙ.."

"මේ එනවා කූ.."

කුකීට කෑම බෙදලා දීපු මම එහෙම්මම මගෙ ප්ලේට් එකටත් කෑම බෙදා ගෙන පාඩුවේ කන්න පටන් ගත්තා..
.
.
.
_______________________

Next day morning
At the High School..

"චූටියො මොනා ගැනද කල්පනා කරන්නෙ.."

Without meWhere stories live. Discover now