Broken 30

217 40 47
                                    


"ජිමින් ඒ ඌ...ඌ තමයි ඒ මන් කිව්වෙ ඒ ඌ...මාව අරන් යන්න ඇවිල්ලා...කුකී මාව බේරගන්නකො...අනේ කුකී නූනට බයයි.."

"හේයි හේයි..මන් මෙතන ඉන්නවනෙ..කාටවත් මගෙ චූටිව අරන් යන්න දෙන්නෙ නෑ හොදද.."

ජිමින් මගෙ ඉන වටෙන් අත දාලා මාව ඒ උරහිසට හේත්තු කරගෙන මාව අර ජරා මිනිහා ගාවින් එහාට එක්කන් ගිහින් ළග තිබ්බ බැම්මකින් වාඩි කෙරෙව්වා..

"ජිමින්.. මන් මන්.. මට ඒ මිනිහා.. මොකද්ද.. මොනාද ඌ මෙහෙ කරන්නෙ.. බයයි මට.. රිද්දයි ඌ.. අනේ මම"

"ශ්ශ්ශ්ශ්.. ඉස්සෙල්ලම සන්සුන් වෙන්නකො චූටි මැණික..ඊට පස්සෙ හිමීට මට කියන්න ඌ ගැන හරිද.."

ජිමින් මගෙ කම්මුල් දෙකෙන් අල්ලන් හරිම ආදරෙන් ඒ ටික කියද්දි මන් ටික ටික සන්සුන් වෙන්න උත්සහා කලේ මට එයාව විශ්වාස බව එයාට අගවන්න ඕනෙ නිසා...

"හ්ම්ම්..එදා මාව කෙල්ලෙක් කියලා ඔයාට අහු උන දවසෙ මන්  කිව්වා මතකද මාව බලා ගත්ත මාමෙක් ගැන"

"ඔව්.. ඒත් ඔයා ඒ ගැන වැඩි විස්තර මුකුත් කිව්වෙ නෑනෙ මට.."

"හ්ම්ම්.. ඔය බොරු අහින්සක කමක් පෙන්නං ඉන්න රාක්ෂයා එයා තමයි.."

"මට පැහැදිලි නෑ චූටි..ඔයා කිව්වා මේ මිනිහා නිසා ඔයා ගොඩක් දුක් වින්දා කියලා..තව ෆයිනල් එක්සෑම්සුත් ලියන්න බැරි උනා කියලා.."

"ඒ වගේම ඌ මගෙ ජීවිතේම කෑවා..ඔම්මයි අප්පයි නැතත් මූ මගෙ ජීවිතේට ආවෙ නැත්තන් මට ලස්සනට ජීවත් වෙන්න තිබ්බා..මේ මිනිහා මගෙ ජීවිතේ අපායක් කලා..අද මන් මේ ඉන්න තත්වෙට මාව වැට්ටුවෙ වෙන කවුරුත් නෙමෙයි මූ..."

මගේ අත් ඉබේටම මිට මෙලවුනේ අතීතෙ ආයෙමත් මගෙ ඇස් ඉස්සරහා මැවුන නිසා...

"දැන් කූල් වෙන්නකො චූටියා..ම්ම්ම්.. නැත්තන් ඌට නිකන්ම අහු වෙයි ඔයා කවුද කියන එක.."

ජිමින් මගේ අතකින් අල්ලන් මාව කූල් කරන්න උත්සහ ගනිද්දි මගේ ඇග වෙවුලන්න ගත්තෙ අපේ පැත්තට හිනා කටක් පුරෝගෙන එන ඒ නරුමයව දැකලා...

"හලෝ..ලොක්කා මට කිව්වා ඔයාලත් එක්ක හවුල් වෙලා වැඩ කරන්න කියලා.."

Without meWhere stories live. Discover now