Broken 03

207 44 21
                                    

ම‌ොකද මමයි කූකීග‌ෙ ශක්තිමත් නූනා..මම බලං ඉන්නවා මැණික..ඔය බ‌ෝල ඇස් මට ආය‌ෙ නූනා කියලා කතා කරනකන්....

.

ඔම්මා අප්පා නැති මල්ලි කෝමා එකේ ඉන්න,මිනිස්සු දැක්කෙ මාව ගොඩක් අසරණ විදිහට...ඒත් මට නැගිටින්න හයියක් වෙනවා වෙනුවට උන් උත්සහා කලේ මගෙ අසරණකමින් ප්‍රයෝජන ගන්න....මන්...මන් එයා අද නැගිටී හෙට නැගිටී කියලා බලන් හිටියා...ඒත් මගෙ කුකී තාමත් නිසොල්මනේ නිදි....ඔයාට මේ නූනාගෙ මූන බලාගන්න ඕනෙ නැද්ද කුකී...

අම්මයි අප්පයි නැති මාව බලාගන්න මාමා ඉදිරිපත් උනා...හරියටම මන් අවුරුද්දක් මාමත් එක්ක හිටියා මගෙ කුකී නැගිටී කියලා බලාගෙන ඒත් කුකී නැගිට්ටෙ නෑ..ඒත් දවසක්...ඌ අනාත මට කියලා තිබ්බ එකම දේත් මගෙන් බලෙන් උදුර ගන්න හැදුවා...මන් මගේ උපරිම ශක්තියෙන් උගෙන් බේරෙන්න දගලලා දගලලා එතනින් බේරිලා දිව්වා...ඔහේ දිව්වා...කකුල් දෙකට පන නැති වෙනකන් දිව්වා...ඌ මගෙ අසරණකම් කිය කිය මල්ලිව බලා ගන්නම් කිය කිය මාව පොළබවනවා...මන් ඇඩුවා...පිස්සෙක් වගේ...මන් අන්තිමට නැවතුනෙ හන් පාළම ගාව...මන් තවත් ජීවත් වෙන්න ඕනෙද...එක එක මිනිස්සුන්ගෙ සෙල්ලම් බඩුවක් වෙන්න...අසරණ කෙල්ලෙක්ට උරුම එච්චරද...මන් එදා උගෙන් බේරුනත් ආයි අහු උනොත් මට මොනා වෙයිද...මට දැන් යන්න ඕනේ...හැමදේකින්ම දුරකට...හදවත මෙච්චර රිදෙන්නෙ නැති තැනකට...වේදනාවල් නැති තැනකට...

"ඔම්මා,අප්පා ඔයාලා සතුටින් නේද...ඒත් ඔයාලගෙ හේයොන් දුකින් ඔම්මා..එයාට ගොඩක් රිදෙනවා ඔම්මා...මන් එන්නද ඔම්මා ඔයාලා ගාවට...මාවත් ගන්නවද ඔයාලා ලගට...මට දරා ගන්න බෑ ඔම්මා"

මන් හන් පාළමේ ගැට්ට උඩට නැග්ගා...දැන් මේ වේදනා ඉවරයි...ආයි දුකක් දැනෙන එකක් නෑ..මන් ඇස් දෙක වහන් ලොකු හුස්මක් ගත්තා...එහෙනම් හැමදෙයක්ම ඉවරයි... සමු ගන්න වෙලාව ඇවිල්ලා...මන් පාළමෙන් ඉස්සරහට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙද්දි...

"නූනා"

ඒ කටහඩ මගෙ හදවත ඇතුලේ රැව් දෙන්න පටන් ගත්තා....මගෙ කුකී....හොස්පිට්ල් ඇදක මන් වෙනුවෙන් ජීවත් වෙන්න සටන් කරද්දි මන් මොකද්ද මේ කරන්න හදන්නෙ...කුකී නැගිට්ට ගමන් මගෙ නූනා කෝ කියලා අහද්දි කවුද උත්තර දෙන්නේ...බෑ හේයොන්...මෙච්චර ලේසියෙන් මට මාව අත අරින්න බෑ....මගෙ කුකී වෙනුවෙන් මන් ජීවත් වෙන්න ඕනේ...මන් කොහොමද මෙච්චර ලේසියෙන් මැරෙන්න හැදුවෙ...මට ආවේ මන් ගැනම තරහක්....ඉන්න කුකී නූනා ඔයා ළගට එනවා...මන් නැගලා හිටපු බැම්මෙන් බිමට පැනලා කෙලින්ම දිව්වෙ හොස්පිට්ල් එකට...මන් කුකීගෙ රූම් එක ඉස්සරහා හිටගෙන ඒ වීදුරුවෙන් ඇතුළ බැලුවා...කිසිම වෙනසක් නෑ එයා හරිම සාමකාමී...මට තවත් කදුළු පාලනේ කරගන්න බැරි උනා...මට පිස්සු වගේ...

අවුරුද්දක්...අවුරුද්දක් ගිහින්..ඒත් මන් තාම හිටපු තැන...කුකී තාම හිටපු තැන..මන් ස්කූල් ගියෙ නෑ...යන්න කියලා මට කොහෙන්ද සල්ලි..අර තිරිසනාගෙන් ඉල්ලන්නද...වේ කුකී වේ...නූනට මෙහෙම කරන්න එපා පන...මන් ඇතුලට ගියා...කුකී ගාවින් වාඩි උනා..වෙනදට කොච්චර වේදනා වින්දත් එයා ඉස්සරහා හිනා වෙලා දාන් හිටිය වෙස්මූණ මන් අද ගැලෙව්වා..ඔව් මන් ඇඩුවා...එයා ඉස්සරහා ගොඩක් ඇඩුවා..අද වෙනකන් මන් මුහුණ දීපු හැමවේදනාවක්ම කිය කිය ඇඩුවා...

"නූනට මේවා දරාගන්න බෑ කුකී...මගෙ කුකී පැටියවත් ළග නැතුව නූනව පිච්චෙනවා මගෙ මැණික...අනේ ඇස් අරින්න...මන් මෙච්චර දේවල් කියලවත් ඇස් අරින්න බැයිද කුකී...මේ දඩුවම නූනට බර වැඩී පැටියෝ"

ඒ අතින් අල්ලන් මන් කෑ ගගහා කිව්වා...මට මාව පාලනේ කරගන්න බෑ...දැන් ගොඩක් රෑ වෙලා ඒත් මට ඒක ගාණක් නෑ....අද වෙනකන් ගිය කිසිම රැයක් දවාලක් මට හරියට මතක නෑ...මට මතක අන්තිම රෑ මගෙ ඔම්මයි අප්පයි බිම වැටිලා හිටිය විදිහ විතරයි...මන් පිච්චෙන්වා රැයක් දවාලක් නැතුව පිච්චෙනවා...ඒ ගින්න නිවන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි ඒත් ඒ කෙනත් මැෂින් ගොඩක් මැද...ඉතින් මේ ගින්න කොහොම නිවෙන්නද...

අඩලා අඩලම මට නින්ද යන්න ඇති...මගේ කෙස් අතරින් චූටි අතක් සනීපෙට එහා මෙහා යනවා වගේ දැනෙද්දි මන් නිදිමතේම ඔළුව උස්සලා බැලුවා...

"නූනා...."

.

.

.

~By crazyarmygirls~

________________________________

Vote and comment pls

To be continued~

Without meWhere stories live. Discover now