Past memo 😢

497 68 42
                                    

"වට්???"

"ඔව්... හෙල්ත් මිනිස්ටර්ගේ පොඩි පුතා"

ජූන් කියන්නේ අපේ ඉස්කෝලෙන් එලියට ගිය දක්ෂම ළමයෙක්.. එයා දැන් ඩොක්ටර් කෙනෙක්.. ඒත් කවුද දන්නේ එයාට මල්ලී කෙනෙක් ඉන්නවා කියලා..

"එතකොට අනිත් දෙන්නා??"

"අහ්හ් එයාගේ යාලුවෝ දෙන්නෙක්.. උන් ගැන නම් දන්නෙ නෑ"

"හ්ම්ම්ම් දැන් යමුකෝ"

යූරී මගේ පිටට තට්ටුවක් දාන ගමන් අපි තුන් දෙනා පන්තියට ගියා...

..............
..............

"ඕයි ජේකේ... උබ කොහොමද අර කෙල්ලගේ නම දන්නේ??"

"ඔව්ව් කොහොමද කියපන්.. උබ එන්න කලින් ගොඩක් දේවල් හොයලා වගේ..."

"ඔව් ඔව් හෙව්වා රෙද්දක්.. ඇයි ඒකීගේ නේම් කාඩ් එකේ තියෙන්නේ තොපි දෙන්නගේ නම් දෙකද??"

"ශිට්.. මන් හිතුවේ උබ ඒ කෙල්ලට ලයින් පාරක් දාලා කියලා කලින් ඉදන්ම"

"වෙන කෙල්ලො නැත්තම්... නෑ නෑ එක්කෝ ඒත් එපා.."

"හැබැයි මරු කෙල්ල 😂😂"

"ඇයි??"

"නෑ බයක් ගෑවිලාවත් නෑනේ"

ජිමින්ගෙයි ජේකේගෙයි කතාව මැද්දට පැන්නේ ටේ..

"මේ කුක්"

"ටේ උබට කිව්වා ඔය නම මේකේ කියලා එකෙක්ට හරි ඇහුනොත් මන් මරනවා"

"හරි හරි මේ ඔයාට මොන වගේ ෆීලින් එකක්ද ආවේ කෙල්ලව ලගට ගද්දී"

"මූණ කට සම්බෝල වෙන්න ගහන්න හිතුනා..."

"නොදකින්.. මූට නම් කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නෙම නෑ.. පොඩ්ඩක් බලපන්කෝ ජිමිනා දිහා.."

"ඇයි ඌට හතර මහා නිදානෙ පෑදිලාද??"

"නෑ නෑ.. යමන් යමන්.. පටන් අරන් ඇති"

කතාවෙන් කතාව අපි තුන් දෙනා ආවේ අපේ අලුත් පන්තියට..
.
.
.
.
.

At present

"ජේකේ....."

ඉයුන් ශීගේ කටින් මගේ නම කියවෙද්දී මන් වාඩිවෙලා හිටිය තැනෙන් ඉබේම නැගිට්ටා..

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
Mr. Cheater 🤐Où les histoires vivent. Découvrez maintenant