The beginning of misfortune...

280 64 52
                                    

දවස දවස හෙමින් ගෙවෙනවා.. ජේකේ ඉයුන්ගේ ආදරය එන්න එන්න වැඩිවෙනවා.. දැන් නම් ජේකේට ඉයුන් නැතුව තප්පරයක්වත් ඉන්න බැරි තරම්, ඉයුන්ටත් ඒ වගේමයි...

"පොඩී...අද ඉක්මනට ගෙදර එන්න"

"ඒ මොකටද?"

"මීරා ආන්ටිලා එනවා"

"ඉතින් මන්??"

"ඉස්සර ඔම්මා දෙයක් කිව්වම හේතු ඇහුවේ නැති ඔයා ඇයි දැන් හේතු අහන්නේ පොඩී??"

"අයියෝ ජන්ග්, හරි හරි මන් එන්නම් ඉක්මනට..හරිද??"

ජේකේ ජන්ග්ගෙන් සමු අරන් වෙනදා වගේම ආවේ ඔෆිස් එකට..

"අහ්හ් උබ මොකද?"

"ගුඩ් මෝනින් ජේකේ"

"ගුඩ් මෝනින් ටේ.. මොකෝ හදිස්සියේ?"

"අපේ මැනේජර් නෙක්ස්ට් වීක් ඉදන් එනවලු"

"ඒ කියන්නේ මගේ වැඩේ ඉවරයි?"

"හ්ම්ම්"

"ඉතින් උබ දැන් මොකද අවුලෙන්?"

"නෑ උබ ඉයුන්....

"මන් මේකට ආවේ තාවකාලිකවනේ යකෝ.. ඒක අවුලක් නෑ.. මොනාහරි බොනවද?"

"මන් ඕඩර් කලා..උබත් බොන දෙයක් ගෙන්න ගනින්"

ඒ කියන්නේ ජේකේට ඉයුන්ගේ ලගින්ම ඉන්න හම්බෙන්නේ හරියටම තව සතියයි...එතනින් පස්සේ ජේකේට සිද්ද වෙනවා එයාලගේ කම්පැනිවල වැඩ බලාගන්න යන්න.. දැන් ජූනුත් නැති එකෙ කොල්ලට ඒවාවලින් ගැලවීමල් නෑ..

හරියටම 5ට වැඩ ඇරිලා ජේකේ කාර් එක ඔෆිස් එකට ඉස්සරහෙන් පාර්ක් කරගෙන හිටියේ ඉයුන් එනකන්..

"මහන්සිද??"

"හ්ම් ටිකක්..මට කිව්වා ටේ"

"හ්ම්ම් මොනා කරන්නද? ඒකත් හොදයි"

"ඇයි මොකක්ද හොද?"

"එතකොට අපේ ආදරේ තව වැඩිවෙයි"

"පිස්සා... මට ඔන්නී කතා කලා"

"මොකද කිව්වේ?"

"ඔප්පා සෝල් ඇවිල්ලා වැඩ වගයකට.. ට්‍රයි කරනවලු ට්‍රාන්ස්ෆර් එකක් ගන්න.. හරි ගියොත් හොදයි නේ?"

"හ්ම්ම් ඔව්ව් බබා.."

"මොනාහරි බොන්න....

"අද බෑ ඉයුන්, ඔම්මා කලින් එන්න කිව්වා එයාගේ යාලුවෙක් එනවා කියලා ඩිනර්වලට"

Mr. Cheater 🤐Where stories live. Discover now