Unforgettable Day

351 70 26
                                    

"අහ්හ්හ්හ්... මොකක්ද මෙතන වෙන්නේ?? ඉයුන්??"

දෙන්නම එක පාරට ගැස්සුනා.. ඉයුන් ජේකේව තල්ලු කරපු පාර කොල්ලා එහා පැත්තේ රාක්කේ හොද පාරක් වැදුනා..

"ආව්....."

"‍යූරී???"

"ඉයුන් ඔයා මොනාද ජේකේ එක්ක?? ඔයා කිව්වා මේක ඉවරයි කියලා?? ඔයා මට බොරු කරනවද??"

"නෑ යූරී.. අහන්න මන් කියා දේ..."

යූරී ඉයුන්ට බැනලා එතනින් යද්දී බිම වැටුන පොතත් අහුලන් ඉයුන් දිව්වේ යූරී පස්සේ..

"ශික්... මේ ගෑනී කොහෙන්ද ආවේ?? අයියෝ කෑවා වැඩේ.. යූරී තමුසෙත් දැන් වාතයක්...."
.
.
.
.
.
.
.

"අහන්නකෝ යූරී..."

දුවන එක නවත්තපු යූරී ඉයුන්ගේ පැත්ත හැරුනා,

"මොනාද අහන්න ඕනේ?? අහන්න ඉයුන්, මට ඔයා කා එක්ක යාලු වුනත් වැඩක් නෑ.. ඒත් ඔයා මොකටද මට බොරු කරන්නේ?? මන් ජේකේව අල්ලගනී කියලද??"

"මොනාද යූරී මේ කියන්නේ?? මන් කවදාවත් එහෙම හිතලා නෑ.. හිතන්නෙත් නෑ.. ඔයා මගේ එකම යාලුවා"

"එකම යාලුවට බොරු කරනවා, එහෙමනේ"

"නෑ, එයා... ආයේ යාලු වෙන්න අහනවා"

"ඉතින් ඔයා කැමති වුනා"

"නෑ... පිස්සුද??"

"මන් දැක්ක දේවල්..."

"‍යූරී අහන්න, ජේකේට මන් ආදරේ කලා.. ඒ නිසා එයා මගේ ඉස්සරහට එද්දී මට ඔක්කොම අමතක වෙනවා.. ප්ලීස් මන් ඔයාට බොරු කලේ නෑ.. මට ඉන්නේ ඔයා විතරයි.. මට සමාවෙන්න"

"අයියෝ මෝඩී, අඩන්න එපා.. හරි, මාත් වැරදියට තේරුම් ගත්තේ.. මට දුක හිතුනා ඔයා හැම ප්‍රශ්නෙකම ලගින් ඉන්න මට බොරු කලාම.. සොරි"

යූරී ඉයුන්ගේ මූණේ තිබ්බ කදුලු තමන්ගේ ඇගිලිවලින් පිහදාන ගමන් කිව්වා..

"යමු දැන් ක්ලාස් එකට...."

යූරී ඉයුන්වත් කතා කරගෙන ගියේ ක්ලාස් එක පැත්තට.. ජේකේ මේ ඔක්කොම බලන් හිටියේ ලයිබ්‍රී එකේ ජනේලේන්..

Mr. Cheater 🤐Tempat cerita menjadi hidup. Temukan sekarang