Love you ❤️

388 73 39
                                    

"මන් මරනවා ඕකීව.."

මන් ආව කේන්තිය එක්කම දුවන් ගියේ ඉයුන්ව හොයන්.. ඊයේ මට ගැහුව එකේ ඉදන් ඔක්කොම ඉස්කෝලේ වෙබ් එකට දාලා..

ලාවට ජිමින් ටේගේ කටහඩ ඇහුනත් මන් පොඩ්ඩකටවත් නතර වුනේ නෑ.. කෙලින්ම ගියේ ඉයුන් ශී ගේ ක්ලාස් එකට..

"ජේකේ...."

මන් ක්ලාස් එකේ ඩෝ එක ලගට ගියාම කෙල්ලෝ කෑගහන්න ගත්තත් මන් ඒ ගැන ගාණකටත් නොගෙන ගියේ ඉයුන් ළගට..

"ජේ....කේ...."

මගේ අතින් ඇදගෙන ජේකේ මාව ක්ලාස් එකෙන් එලියට එක්කන් ගියා..

"මාව අත අරිනවා.. ආව්ව් රිදෙනවා.. ජේකේ"

මන් කෑ ගැහුවත් කවුරුත් මට උදව් කරන්න ආවේ නෑ.. යූරිත් මගේ පස්සෙන්ම දුවන් ආවේ එයාටත් කරන්න වෙන දෙයක් නැති නිසා..

අපි නතර වුනේ වහපු මේන් හෝල් එක ළග

"මොකද වෙලා තියෙන්නෙ??"

ජේකේ අත ඇරපු අත අතගාන ගමන් මන් කේන්තියෙන් ඇහුවා

"වෙලා තියන දේද තමුසේ අහන්නේ?? බලනවා"

ඒ එක්කන ජේකේ මගේ පැත්තට දික් කලේ එයාගේ ෆෝන් එක..

"අහ්හ්හ් කවුද... කවුද මේක කලේ?? ජේකේ... මන් ... මන් නෙමෙයි"

"තමුසේ නෙමෙයි?? තමුසේ දන්නවද මන් කවුද කියලා??"

"මන් කියන දේ...

"කටවහගනින්.... මන් කියන දේ අහනවා"

මගේ කොලර් එකෙන් අල්ලලා ඒ රතු ඇස්වලින් ජේකේ බනින වචනයක් ගාණේ මට මටවත් නොදැනී ඇඩුනා.. මට මේ දේවල් අලුත් දේවල් නෙමෙයි වුනත් 😢

"ජේකේ... ඉයුන්ව අතාරින්න මුලින්"

"පැත්තකට වෙනවද.. අද මේ තුට්ටු දෙකේ කෙල්ල නිසා මගේ අප්පට මීඩියාවලට මූණ දෙන්න බෑ... මන් අද තමුසෙව"

"වරෙන්...."

ජේකේගේ අත මගේ කම්මුල ළගටම එද්දී ජිමින් ජේකේව ඇදලා ගත්තා.. මන් හිටිය තැනම වැටෙද්දී ටේ ජිමින් එක්ක ජේකේව අරගෙන එතනින් ගියා..

"ඉයුන් ඔයා... ඔයා හොදින්ද??"

"මන් හොදින් නෙමෙයි යූරි.. කවදාවත් මන් හොදින් හිටියේ නෑ.. 😭😭"

Mr. Cheater 🤐Where stories live. Discover now