Boyfriend 💐

359 71 27
                                    

note: මේ කතාව කියවද්දී ඔයාලට හිතෙනවා ඇති මේකත් සාමාන්‍ය ආදර කතාවක් නේ කියලා.. සාමාන්‍යයෙන් මන් ගොඩක් කතා එකම විදිහට පටන් ගන්නේ.. ඒ නිසා කතාව එක වගේ පේන්න පුලුවන්.. හැබැයි අවසානය මන් ගොඩක් දුරට වෙනස්ම මානයකට ගෙනියන්න උත්සහ කරනවා.. ඉතින් රැදී ඉන්න කෙල්ලනේ 💐

......................

📞📞📞

"ආයිශ්ශ්ශ්ශ්ශ්ශ්... මොකාද මේ උදේම"

ටානියාව ගෙදරට දාලා කෙලින්ම ගෙදර ඇවිල්ලා ඇදට වැටුනේ ඉයුන් ගැන තිබ්බ කේන්තියෙන්මයි..

"හෙලෝ...."

"මිස්ටර් මේ ෆෝන් එකේ අයිතිකෙනා මේ වෙලේ ඉන්නේ හොස්පිටල් එකේ.. මිස්ටර්ගේ නම්බර් එක විතරයි මේකේ තියෙන්නේ.. ඉක්මනට එන්න පුලුවන් නම් ගොඩක් හොදයි"

"වට්???"

එතකොටයි මන් ෆෝන් එකේ වැටුනා නම බැලුවේ..

ඉයුන්.....

"හරි මන් එන්නම්"

මන් ගොඩක් කලබල වුනා.. ඒත් මොන මගුලකටද??
.
.
.
.
.
.
.

මන් හොස්පිටල් එකට ගිහින් විස්තරේ කිව්වම එයාලා මට ඉයුන්ගේ වෝඩ් එක පෙන්නුවා..

"ඩොක්ටර් පේශන්ට..."

"මිස්ටර්???"

"මන් ජේකේ.. පේශන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්..."

වට් ... ඇයි යකෝ මන් එහෙම කිව්වේ...

"අහ් මට හිතුනා.. පේශන්ට ලොකු අමාරුවක් නෑ.. එයා ඊයේ ටිකක් මහන්සි වෙලා වැඩී.. ස්ට්‍රෙස් එකට ෆේන්ට් වෙලා.. රෑ ගේද්දී නම් ටිකක් උණ තිබ්බා.. උදේ වෙද්දි නම් හොදටම හොද වෙලා"

"අහ්.. හරි ඩොක්ටර්"

"තව ටික වෙලාවක් යද්දී එයාට සිහිය එයි, ඔයාට එතකොට එක්කන් යන්න පුලුවන්"

"හරි ඩොක්ටර්"

"ජේකේ....."

මන් ඩොක්ටර් එක්ක කතා කර කර ඉද්දී එක පාරටම පිටිපස්සෙන් මගේ නම කියලා කවුරුහරි කතා කලා.. මට ඒ කටහඩ අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ.

"හ්‍යොන්ග්???"

"ඩොක්ටර් නම්ජූන්... මෙයා ඔයාගේ මල්ලිද??"

Mr. Cheater 🤐Where stories live. Discover now