New life 💐

393 74 33
                                    

"යූරී?? ඔ...යා???"

මගේ ඇගම පණ නැතිවුනා.. දෙයියනේ මන් මගේ ප්‍රශ්න කිව්ව දෙන්න මට මොකක්ද මේ කලේ??

"ඔයාලා දෙන්නා??"

මන් ජේකේගෙන් ඈත් වෙලා දොර පැත්තට අඩිය අඩිය ගියේ දෙන්නට මාරුවෙන් මාරුවට අත දික් කරන ගමන්...

"ඉයුන්....."

‍යූරී ශීට් එකත් ඇගෙ ඔතන් ඇදෙන් බැස්සේ මගේ පැත්තට එන්න වුනත් මන් එයාට අත දික් කරලා වෝනින් කලේ එන්න එපා කියන්න..

"තමුසෙලා දෙන්න?? දෙයියනේ, මන් මගේ හැමදෙයක්ම කිව්වේ ඔය දෙන්නට.. ඇයි මෙහෙම කලේ??"

"ඉයුන් අහන්නකෝ මන් කියන්නම්"

"‍යූරී තමුසේ හැපින්නක්.. තමුසේ හැපින්නක්"

"ඉයුන් මට සමාවෙන්න"

"තමුසෙලා දෙන්නට ඕනේ එකට ඉන්නනේ.. ඉන්න.. මන් යන්නම්.. ආයේ මගේ ජීවිතේ යූරී කියලා කෙනෙක්වත් ජේකේ කියලා කෙනෙක්වත් නෑ.."

"ඉයුන් මන්...

"තව මොනාද ජේකේ?? තමුසේ මේ තරම් පහත් මනුස්සයෙක් කියලා මන් හිතුවේ නෑ..."

"ඔව් මන් පහත්..තමුසෙද උසස් එතකොට?? ඔව් මන් යූරී එක්ක නිදාගත්තා.. ඒ මන් ඒකීට තියන ආදරේකට නෙමෙයි.. මට... මට ඕනේ වුනේ තමුසෙගෙන් පලිගන්න"

"පලිගන්න??"

"ඔව්ව්ව් උබට මතකද මට ගැහුව එක?? උබට මන් එදා කිව්වා අප්ප වෙනුවෙන් ඕනේ දෙයක් මන් කරනවා කියලා.. එදා ඒ විඩීයෝ එක නිසා අප්පා සෑහෙන්න ලැජ්ජ වුනා... කවදාවත් නැතුව අප්පා ගෙදර ආවෙත් නෑ.. එයා.. එයා මන් නිසා ලැජ්ජා වුනා.. ඒ තමුසේ නිසා.. තමුසෙටත් ඒ දුක දැනෙන්නම ඕනේ..."

"ඒ කියන්නෙ ඔයා මට දවසක්වත් ආදරේ කලේ නැද්ද??"

"නෑ.. එක දවසක්වත්... මට උබට ආදරේ කරන්න ඕනේ නෑ.. මට ඕනේ උබෙන් පලිගන්න.. උබ අත උස්සපු එකට වගෙම මගේ අප්පට කරපු ලැජ්ජාවට"

"ජේකේ... එතකොට ඔයා කිව්ව ඒවා?? ඔයා දුන්න දේවල්??"

"ඉයුන් බබෙක් වෙන්න එපා.."

මට එතනින් එහාට කතා කරන්න දෙයක් තිබ්බේ නෑ.. ඇස් එන්න එන්න බොද වෙනවා වගේ තේරුන නිසා තවත් එතන ඉන්නෙ නැතුව මන් එලියට දුවගෙන ආවා...

Mr. Cheater 🤐Where stories live. Discover now