Sad or Happy.....

432 66 61
                                    

"යා.... මෝඩ ජේකේ... ඔහොම ඉන්නවා"

"ඒයි මන්ද මෝඩ.. ඔයා තමා මෝඩ.. මෝඩ ඉයුන්"

මගේ වටේ කැරකුන පොඩි දෙන්නා කියවන්නේ මගේ නමයි ඉයුන්ගේ නමයි... මන් දෙන්නව අත් දෙකෙන් අල්ලා නවත්තගත්තා..

"ඔහොම ඉන්න...."

"ආව්ව්ව්... ඔයා කව්ද??"

"ඔයා ජේකේද?? එතකොට ඔයා ඉයුන්??"

"ඔව්ව්...."

"ඒයි... ඔම්මා කියලා තියනවා නේ අදුරන්නේ නැති අය එක්ක කතාවට යන්න එපා කියලා"

"කවුද ඔයාලට ඔය නම් තිබ්බේ?"

"ඇයි අපි ඒක කියන්නේ??"

මූ නම් මන් වගේම පණ්ඩිතයි...

"ඉයුන් ඔයා කියන්නකෝ"

"ඔම්මා තමා.. එයාගේ හොදම යාලුවා ඉයුන්ලු.. එයා ලොකු වැරැද්දක් කාලාලු එයාට.. ඉතින් එයාගෙන් සමාවගන්න ඕනේ නිසා මට ඉයුන් කියලා නම තිබ්බලු"

"අහ්හ්හ්හ්...."

"මේ මෝඩයට නම් දාලා තියෙන්නෙ මෝඩයෙක්ගේ නමක්.. ඔම්මා කිව්ව ජේකේට ඉයුන් ගොඩක් ආදරේ කලාලු.. ඒකලු මෙයාට ජේකේ කියලා දැම්මේ.. ඒත් මන් නම් මේ මෝඩයට ආදරේ නෑ.. මෝඩ ජේකේ"

"ඔයා කට පියාගන්නවද?"

පෙනුමෙන් දෙන්න ට්වින්ස්ලා...

"ඔම්මගේ නම් යූරිද?"

මන් එහෙම ඇහුවම කොල්ලයි කෙල්ලයි මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා..

"ඔයා කොහොමද අපේ ඔම්මගේ නම දන්නේ?"

"කෝ දැන් එයා?"

එතකොටම මට ඇහුනේ ජේකේගෙයි ඉයුන්ගෙයි නම කියලා කතා කරන ගෑනු කෙනෙක්ගේ කටහඩ.. ඔව් ඒ යූරී... එයා මන් ලගට දුවගෙන ආවේ මාව නොදැක කියලා මන් හොදටම දැක්කා..

"කොහෙද ඔය දෙන්න යන්නේ?? ඔම්මා කියලා තියනවා නේ ශොප් එකෙන් එහාට යන්න එපා කියලා"

"යූරී..."

මගේ කටහඩට එයා මගේ මූණ දිහා බැලුවේ ක්ශනිකයෙන්...

"ජේකේ.... ඔයා...."

"හ්ම් ඔව් මන් යූරී"

"දෙයියනේ ඔයා... කෝ මගේ ඉයුන්??"

Mr. Cheater 🤐Where stories live. Discover now