First day 💏

344 60 64
                                    

සතිය ගෙවිලා සෙනසුරාදා වෙනකන් මන් හිටියේ ඇගිලි ගැන ගැන.. ඒ ඉයුන්ව බලන්න, මගේ ළගට ගන්න, අත් අල්ලන් ඇවිදින්න... ඔව්ව් ඒ කාලේ මට මග ඇරුන ආදරේ විදින්න...

"මොකෝ බුම්බගෙන යන්නේ??"

ජේකේ මාව ගන්න ආවේ අද දවසෙම මාත් එක්ක ඉන්න පොරොන්දු වෙලා.. කාර් එකට නැගලා ටික දුරක් ගියත් මගේ ඔලුවේ තිබ්බේ සෝ ඔන්නී ගැන..

"නෑ"

"ප්‍රශ්නයක් නම් මට කියන්න බබා"

ඒ කිව්වම මන් ජේකේ දිහා බැලුවේ අත් දෙකම නිකට ලගින් තියන්..

"මොකද??"

"මන් බබෙක් නෙමෙයි"

"මට බබෙක්... කියන්න මොකක්ද ප්‍රශ්නෙ??"

"සෝයූන් ඔන්නි"

"ඇයි ඉතින්?"

"මන් කල්පනා කලේ මට ඔයාව හම්බුනා වගේ එයාටත් ඔප්පව හම්බුනා නම් කියලා"

"අපි ඔන්නිට කියමු"

"මොකක්ද? ඔප්පා එක්ක කතා කරන්න කියලද??"

"ඔව්ව්ව්"

"එයා ළග නම්බර් එකක්වත් නෑ ජේකේ.. ඒ ආදරේ නැතිවෙලා ගොඩක් කල්.. හරියටම බැලුවොත් අවුරුදු පහකටත් වැඩි.. ඒත් එයා තාම ඉන්නේ ඔප්පා එයි කියලා.. ඒත්..."

"ඇයි ඒත්??"

"එයා ආයේ එයිද?? මේ මන් දෙයක් අහන්නද?"

"මට බෑ ඔන්නිව භාරගන්න"

"යා ජේකේ.. තමුන් මගේ.."

"මෝඩී.. මොකක්ද අහන්න ගියේ?"

"ඇයි ඔයාගේ ඔප්පා මැරි නොකරන්නේ?"

"හ්ම්ම් එයාටත් වෙලා තියෙන්නෙ ඔයාගේ ඔන්නිට වුන දේමයි.. මන් ඒ කාලේ ඕවා ගැන දන්නේ නෑ.. දැනන් හිටිය නම් හ්‍යොන්ග්ට ඔහොම වෙන්න දෙන්නේ නෑ"

කතාවෙන් කතාව අපි ආවේ බීච් එකට.. ඒ මගේ ආසම තැන.. යන්න ගොඩක් තැන් තිබ්බත් මගේ හිතට නිදහසක් ගේන්නේ මෙතන.. ඒකයි මන් ජේකේට මෙතනට යමු කිව්වේ..

අපි කාර් එකෙන් බැහැලා ඇවිදගෙන ගියේ රැල්ල එන නොයෙන ගාණට තිබ්බ වෙරළ ළගට..

"අපි මෙතනින් වාඩිවෙමුද??"

"හ්ම්ම්"

අපි දෙන්න වාඩිවුනේ හෙවන එක්ක ලස්සනට අහසයි මුහුදයි පේන තැනක.. වාඩිවුන ගමන් ජේකේ මගේ අත එයාගේ ලගට ගත්තේ ඒ අත් අතරේ හිරකරගන්න ගමන්..

Mr. Cheater 🤐Where stories live. Discover now