her love 😍

347 63 26
                                    

.......දවස් දෙකකට පසු සදුදා උදෑසන.......

"ගුඩ් මෝනින් සර්"

මගේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට මන් හැරුනේ ජේකේව බලාපොරොත්තුවෙන් වුනත් ඒ හිටියේ එයා නෙමෙයි...

"ටේ...."

"ඉයුන්... කොහොමද වැඩ?"

"හ්ම්ම්ම් හොදයි... ටේ... මේ....ජේකේ??"

"ඌ හෙට අනිද්දට එයි ආයේ.."

"ඔයා??"

"මන් මේ ෆයිල් වගයක් ගන්න ආවේ"

කතාව පිටම ටේ ගියේ ජේකේගේ රූම් එකට.. මන් මගේ කැබින් එකට ගියේ හිතේ ඇතිවුන ලොකු දුකකින්..

"ඔයා එන්නේ නැද්ද?? මන් ඔයාට කැමති කියන්නද?? ඔන්නි කිව්ව වගේ මේක මගේ ජීවිතේ, මායි හිතන්න ඕනේ... අයියෝ මට හිතාගන්න බෑනේ..."

ජේකේට කතා කරන්න ෆෝන් එක අතට ගත්තේ තවත් මට විදවන්න ඕනේ නැති නිසා.. මටත් වඩා ජේකේ විදවන්න ඕනේ නැති නිසා..

"ඔයා මට කරපු දේවල් අමතක කරන්න මට බෑ.. ඒත් ඇයි මට ඔයාට ආදරය කරන එක නවත්තන්න බැරි???

රින්ග්ස් යන අතරතුරේ මන් හිතුවේ ආදරය මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ ඇයි කියලා...

"කියන්න ඉයුන්.."

"ජේ....කේ...."

"ඇයි?? මොකක්හරි ප්‍රශ්නයක්ද ඔෆිස් එකේ??"

"නෑ"

"එහෙනම්??"

"මට..... මේ....

"කියන්න.. මොකක්ද වෙන්න ඕනේ??"

"මාව හම්බෙන්න අද රෑ 7ට එන්න"

"අහ්හ්හ්??"

"මන් බලන් ඉන්නවා.. සෝල් පාර්ක් එකේ"

මන් එහෙම්ම කෝල් එක කට් කරලා මේසේට ඔලුව තියාගත්තා..

"මන් මේ කරන්නේ හරිම දේද?? ඔයාව මන් තව එක පාරක් විශ්වාස කරන්නම්.. පරණ මතක අපි අතර එන්නෙ නැති වෙන්න ඔයා මට ආදරේ දෙයි"
.
.
.
.
.
.
.

Mr. Cheater 🤐Where stories live. Discover now