Letting go of the heart..... 💕

373 72 47
                                    

At unknown place

ඔයා කොහෙද සෝයූන්.... තාම මන් වෙනුවෙන් බලන් ඉන්නවද?? නැත්තම් ඔයා වෙන කෙනෙක්ගේ වුනාද?? මන්.... මන් ඔයා වෙනුවෙන් ඉන්නවා..

නිසොල්මන් කාමරේ අඩ එලිය එක්ක මගේ අතේ තිබ්බේ මගේ ආදරේ ෆොටෝ එකක්... සෝ.. මගේ සෝව මට නැතිවුනා.. මීට අවුරුදු ගාණකට කලින් මට මගේ ආදරේ අත අරින්න වුනා.. ඒත් මන් කවදම හරි ඔයා ලගට එනවා.. එදාට ඔයා මන් වෙනුවෙන් හිටියොන් මන් ඔයාව මගේ කරගන්නවා..

..................

"තරහද??"

"මිස්ටර් ජේකේ.. ඔයා මට කිව්වේ මේක බිස්නස් වැඩක් කියලා.. ඔයා මේ දේවල් කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ??"

"ඔයාව"

"මේ වගේ දේවල්වලට රැවටෙන්න මන් ඉස්කොලේ යන කෙල්ලෙක් නෙමෙයි කියලා මතක තියාගන්න"

"මනුස්සයෙක්ගේ අතින් වැරද්දක් වුනාම එයා ජීවිත කාලෙම ඒකට විදවන්න ඕනේද ඉයුන්??"

"වැරැද්දක් නෙමෙයිනේ ජේකේ ඔයා මට කලේ.. මන්... කී පාරක් ඔයාට සමාව දුන්නද?? මාව රැවැට්ටුවා.. ඔයාලා මට ඇයි එහෙම කලේ?? ඇයි එහෙම කලේ?? ඔයාට එදා යූරීව ළගට ගද්දී මාව මතක් වුනේම නැද්ද??"

කදුලු වැටෙද්දී මන් ඉකි ගහ ගහ ජේකේගෙන් ඇහුවේ හිතේ නලියන ප්‍රශ්නයක්..

"ඉයුන්... බලන්න මන් දිහා"

ජේකේ එයාගේ අත් දෙක මැද්දට මගේ මූණ හිර කරන් බැලුවේ මගෙ ඇස් දෙක දිහා..

"මන් නිසා අඩන්න එපා.."

"හිනාවෙලා ඉන්නම්.. ඔයා මගෙන් ඈතට යන්න"

"මන් මෙච්චර ළං වෙන්නේ මට ඔයාව ඕනේ නිසා.. ඒත් ඔයා මට යන්නලු.. මන් ඔයාගෙන් දෙයක් අහන්නද??"

"අහන්න"

"මගේ ඇස් දිහා බලන් මට ඇත්ත කියන්න ඕනේ"

"හ්ම්ම්ම්"

"මට ආදරේ නැද්ද??"

දෙයියනේ මන් කොහොමද නෑ කියන්නේ.. මන්... මන් ආදරේ කරපු කරන එකම කෙනා ඔයා කියලා මන් කියන්නේ කොහොමද?? මට බෑ ආයේ දුක් විදින්න.. ඔයාගේ විදිහ මන් බලාපොරොත්තු වෙන විදිහ නෙමෙයි ජේකේ.. ඉතින් මට හිටිය වගේම මගේ නොවෙන ඔයාට ආදරේ කරන්න පුලුවන්.. ඔයා මගේ නොවුනත්..

Mr. Cheater 🤐Unde poveștirile trăiesc. Descoperă acum