දෙවනි ඉනිම 🌝

303 66 46
                                    

රෑටත් කාලා ජේකේ ජූන් වගේම ඉයුන් ආයේ සෝල් එන්න ලෑස්තිවුනේ..

"සෝ අපි යනවා.. මන් ඉක්මනටම ඔයාව එහෙට ගන්නම්"

"ජූන්, අපි මෙහෙ ඉමු.. කවුරුත් මෙහෙට එන්නේ නෑ"

සෝයූන් ඔන්නී ජූන් ඔප්පව බදාගෙන කිව්වේ පොඩි බබෙක් වගේ.. ඒ දෙන්නට කතා කරලා එන්න කියලා මන් ජේකේ එක්ක කාර් එකට නැග්ගා..

"හ්ම්ම් මගේ ජොබ් එක එක්ක තමා අවුල.. හරි බලමුකෝ.. අපි ගිහින් එන්නම්"

ජූන් එන්න හදද්දිම සෝ ආයේ අතින් අල්ලා නැවැත්තුවා..

"ආයේ අප්පා....

"මන් කිව්වනේ.. එදා කරපු ගොන් වැඩේ මන් ආයේ කරන්නේ නෑ"

"පරිස්සමෙන් ගිහින් එන්න"

ජූන් සෝගේ නළලට කෙටි හාද්දක් දීලා සෝගෙන් සමුගත්තා..

පැය දෙකක වගේ ගමනකින් අපි ආයේ සෝල්වලට ආවා.. මාවත් බස්සලා ජේකේ ජූන් ඔප්පා එක්ක ගියේ එයලගේ ඔම්මා ඉක්මනට ගෙදර එන්න කියලා පනිවිඩයක් එවලා තිබ්බ නිසා..

..............

"ඔම්මා අපි ආවා..."

"කොහෙද ඔය දෙන්න යන්නේ මේ?? තැනක් කියන්නේ නෑ"

"මොකද ඔම්මා හදිස්සියේ??"

"කාලාද ඉන්නේ??"

"හ්ම් ඔව්ව් ජන්ග් පැටියෝ"

ජේකේ ඔම්මගේ බෙල්ල වටේ අත දාලා හුරතල් වෙවී කිව්වා..

"අප්පට කතා කරන්න ඕනේලු.. එන්න"

තුන් දෙනාම ගියේ මිස්ටර් ජියෝන්ගේ ඔෆිස් රූම් එකට.. යද්දී මිස්ටර් ජියෝන් ෆයිල් වගයක හිරවෙලා..

"මහත්තයා අපි එන්නද?"

"එන්න"

"ඇයි අප්පා හදිස්සියේ?"

ජූන් වාඩිවෙන ගමන් ඇහුවා..

"ඔය දෙන්නත් ඉදගන්න.."

කට්ටියම ඉදගත්තම මිස්ටර් ජියෝන් කතාව පටන් ගත්තා..

"ජූන් මට ඔයා ගැන කතා කරන්න ඕනේ"

"මොනාද අප්පා?"

"ඔයාගේ මැරේජ් එක?"

"හ්‍යොන්ග්??"

Mr. Cheater 🤐Where stories live. Discover now