Everything is not oky.... 💔

300 64 44
                                    

"ඔයාගේ මල්ලිට වෙන අෆෙයර් එකක් තියනවා"

"මොකක්?"

මෙයා කොහොමද ඒක දන්නේ?? අපේ ගොනා ඒක කියලද හැමෝටම....

"හ්ම් ඔව්... මන් කැමති නෑ මගේ සැලීට කවුරුත් බොරු කරනවට"

"මොනාද කියන්නේ?"

"මන් මේ ගැන අන්කල් ජියෝන්ට කියන්න ඕනේ"

"එපා..."

"අහ්හ්හ්?? මගේ සැලී රැවටෙයි.. මන් අන්කල්ට කියන්න කලින් ඔයාට කියන්න ඕනේ කියලා හිතුවා.. ඇයි එයා අෆෙයර් එක ගෙදරට නොකියන්නෙ?"

"හ්ම් මන් ඒ ගැන බලාගන්නම්.. ඔයා අප්පට කියන්න එපා"

"හ්ම්ම් ඕකේ... ජූන් ඔයා හවසට ෆ්‍රීද?"

"ඇයි?"

"මන් සෝල්වලට ආවේ අවුරුදු 10කින් වගේ.. මට චුට්ටක් ඇවිදින්න ආසයි"

"හ්ම්ම් මන් ඩ්‍රයිවර් කෙනෙක් රෙඩි කරන්නම්"

"ඔයා එක්ක යන්න ඇහුවේ.."

"මන් මේ වැඩ එක්ක බිසී"

"ඕකේ.. මන් එහෙනම් ගිහින් එන්නම්"

"හරි මන් හවසට ඔයාව ගන්නම්.. සෝල් පාලම ලගට එන්න"

ජූන් ක්‍රිස්නිව ගන්න කැමති වුනේ ජේකේ ගැන හිතලා.. ජූන්ට මේ දේ ලොකු අමුත්තක් දැනුනා.. ක්‍රිස්නි ගියාට පස්සෙ ජූන් කෝල් එකක් අරන් සෝට විස්තරේ කිව්වේ කෝකටත් පෙර සූදානම හොද නිසා.. සෝගේ අවසරය එක්ක හවස 4ට වගේ ජූන් ක්‍රිස්නිට සෝල්වල ලස්සන පෙන්නන්න ගියා..
.
.
.
.
.
.

Jk's place

"ඔම්මා... ඔම්මා...."

"පොඩි මහත්තයා.. නෝනා කාමරේ"

මන් අද ඔක්කොම ඔම්මට කියනවා.. එහෙම හිතාගෙන මන් ඔම්මගේ රූම් එකට යද්දී ඔම්මා හිටියේ ඇදේ හාන්සිවෙලා..

"ඔම්මා... මොකද මේ?"

"පොඩී..."

"මොකද ජන්ග් පැටියෝ මේ.. ඔයා ලෙඩ පාටයි"

"ඔයාගේ ඔම්මගේ කාලය දැන් ඉවරයි පොඩී..."

"මොනාද ඔම්මා කියනවන්නේ?"

"අහන්නකෝ පොඩී.. මන් ලොකු හීන දෙකක් දැක්කා.. එකක් ලොකූගේ වෙඩින් එක.. ඒත් එයා ඒක මට දුන්නේ නෑ.. ඒත් මන් දැන් දකින් එකම හීනේ ඔයාගේ වෙඩින් එක.. ඔම්මට සනීප නෑ පොඩී.. ඔයාට පුලුවන්ද සැලීව මැරි කරන්න ඉක්මනට??"

Mr. Cheater 🤐Where stories live. Discover now