Memories.... 💔

308 67 29
                                    

අවසානයට ජේකේට සිද්ධවුනා සැලීව මැරි කරන්න.. සැලී ජේකේගේ අතේ එල්ලිලා.. කොහොම කලත් හිත පිරෙන්න ආදරය කරපු කෙනෙක්ට මේවා බලන් ඉන්න අමාරුයි.. හ්ම්ම් ඉයුන්ටත්.. ඒත් ඉයුන් බොද වුන ඇස් එක්ක මූණේ රැදුන ලස්සන හිනාවකින් ජේකේ දිහා බලන් හිටියේ ඇහි පිල්ලමක්වත් නොගහා..

හැමෝගෙම මැදින් ජේකේ සැලී එක්ක යද්දී හැමෝම නැගිටලා දෙන්නට සුභ පැතුවා.. ලගට නොගියට ඉයුනුත් ජේකේට විශ් කලා..

හැමදාම හිනාවෙලා ඉන්න..

මේ වෙලේ ඉයුන්ගේ හිතේ රැදුනේ තමන් ගැන දුකක්ම විතරයි.. පොඩි කාලේ ඔම්මා දාලා ගියා.. ලොකු වෙද්දී ගෙදර අය වෙනස්කම් කලා.. දැන් පණ වගේ හිටිය ආදරය දාලා යනවා.. ඉතින් තවත් මොනා නැති වෙන්නද??

හැම රෑම ගාව ඔබ නිදනවා...
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා.....

.
.
.
.
.
.
.
.

Next day

"කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නෙ?"

ඊයේ කෙලින්ම ඉයුන් ආවේ සෝයූන්ලගේ ගෙදරට...

"මන් යනවා ඔන්නී.. ඔම්මා බලාගෙන ඇති.."

"බොරු කියන්නේ මටද?"

"ඔන්නී... කුකී ගැන ජූන් ඔප්පට කිව්වද??"

"හ්ම්ම් ඔව්ව්...."

"ජේකේට දැනගන්න තියන්න එපා.. එයා... එයා ගොඩක් පසුතැවෙයි"

"හ්ම්ම් හරි"

"මන් යන්න ඕනේ.. පරණ ඉයුන් නෑ දැන්..."

"හිනාවෙලා ඉන්න ඕනේ ඔයා.. තේරුනාද"

"මන් හැමදාම හිනාවෙලා ඉන්නම්.. නැති වෙන එක මට මහ ලොකු දෙයක් නෙමෙයි ඔන්නී"

"ඔහොම කියන්න එපා ඉයුන්"

සෝ ඉයුන්ව බදාගත්තේ ලොකු ආදරයක් එක්ක ඇතිවුන දුකකින්...

"හ්ම්ම් මන් යන්න ඕනේ... ටැක්සි එක ඇවිල්ලා"

"පරිස්සමෙන්... මාව බලන්න එන්න ඕනේ"

Mr. Cheater 🤐Tempat cerita menjadi hidup. Temukan sekarang