He came.... 💔

349 71 21
                                    

ඒ තොල්වල තිබ්බේ සැර රසක්.. ඒත් මට ඒ සැර දැනුනේ නැති තරම්... මන් විනාඩි ගාණක් ඒ තොල් මගේ කරගත්තා.. ජේකේගේ ඇස් මගේ ඇස්වලට තදින් බැදිලා තිබ්බේ.. ඒත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් මට හම්බුනේ නැති නිසා මන් හෙමින් එයාගෙන් ඈත් වුනා..

"ඇයි නැවැත්තුවේ??"

"මන් විතරනේ කරන්නේ.. 😒"

"හැමදාම මන් කරලා අද ඔයා කලාම මොකද.. මෙහෙ එනවා"

මන් දන්නේ නෑ මේ ආදරේ කොහෙන් කොහොම නතර වෙයිද කියලා.. ඒත් මන් මේ ගෙවෙන හැම තප්පරේකටම ආදරේ කරනවා.. සතුට කියන දේ මට ඇත්තටම හම්බුනේ ජේකේගෙන්.. ඉතින් මන් මේ ආදරේට ආදරේ කරන එක වැරදිද??

මොහොතකට අපේ සිපගැනීම එක්ක මට මතක් වුනේ මගේ අතීතය වුනාට මන් ඒ අතීතෙට ඉස්සර තරම් අද වයිර කරන්නේ නෑ.. මොකද අද මට සතුටු වෙන්න හම්බෙලා තියන වෙලාව වටින නිසා..

ජේකේගේ තුරුලෙම රැය ගෙවිලා ගියා.. එයාගේ සිපගැනීම් එක්ක අපි දෙන්න මේ රෑ අමතක නොවෙන රැයක් කරගත්තා...

Time passed

"ජේකේ...."

"හ්ම්ම්ම්ම්"

"නැගිටින්න..."

"අහ්හ්හ්හ්"

ජේකේ හිටියේ මාව එයාගේ නිරුවත් පපුවට තුරුල් කරන්..

"හැමදාම නැගිටිද්දී මෙහෙම ඔයාව පේනව නම්??"

"හැමෝම කියනවා"

"මොකක්??"

"ජෝක් එකක් කලේ.. කෝ මගේ ශර්ට් එක??"

මාව අයින් කරගෙන ජේකේ නැගිටලා ඇදෙන් වාඩිවුනේ ශර්ට් එක හොයන ගමන්...

"ලෑස්ති වෙන්න බබා.. යමු නේ..."

"මොකද කලබෙලේ??"

"අප්පා මගෙ අද ඔලුව කයි.. ගෙදර ගියේ නෑ කියලා දන්නවා නම් ඉවරයි"

"ඔයා අප්පට ගොඩක් බයයි නේ??"

"ඔව්ව්ව් ගොඩක්.. එයා මගේ හැමදේම.. එයා අද වෙනකන් මට වැරැද්දක් කරලා නෑ ඉයුන්.. මන් එයා වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා"

"ගුඩ් බෝයි"

මන් තමුසෙවත් විනාස කරනවා....

Mr. Cheater 🤐Where stories live. Discover now