JoonSo ❤️

289 57 30
                                    

"මන් සෝයූන්ව අද මැරි කරනවා"

කිව්වනේ අද ලස්සන දවසක්..

"හ්‍යොන්ග්??"

"මට කරන්න වෙන දෙයක් නෑ.."

"මට ඔයාව තේරෙනවා.. හ්ම්ම් මේක වෙන්න ඇති තියන හොදම උත්තරය"

ඉයුන්වත් අරගෙන අපි කෙලින්ම ගියේ සෝ නූනගේ ගෙදර.. යන අතරමග වුනේ මොකක්ද කියලා මන් ඉයුන්ට කිව්වා.. ඉයුන් ගොඩක් බයවුනා.. එක පැත්තකින් සෝ නූනා ගැන, අනෙක් පැත්තෙන් අපි දෙන්න ගැන..

"සෝ...."

හ්‍යොන්ග් කලබලෙයෙන් දුවගෙන ගියේ නූනගේ ගේ ඇතුලට..

"ජූන්.. ඔයා?? මොකද මේ කලබලෙන්?? මොකක්හරි ප්‍රශ්නයක්...

"ඉක්මනට ඇදුමක් දාන් එන්න"

"ඇයි මන් ඇදුම් නැතුව ඉන්නවා වගේ පේනවද??"

"වෙන එකක් ඇදන් එන්න"

"කොහේ යන්නද?"

"ගමනක්.. පරක්කු වෙනවා"

හ්‍යොන්ග් බලෙන්ම නූනට ඇදුමකුත් අන්දගෙන කාර් එකට දාගත්තා... තාමත් වෙම කිසි දෙයක් නූනට තේරෙන්නෙ නෑ කියලා දැක්කම කියන්න පුලුවන්..

"මට දැන්වත් කියනවද කොහෙද මේ යන්නේ කියලා"

"තව පැය කාලකින් කියන්නම්"

මායි ඉයුනුයි මුකුත් නොකියා බලන් හිටියේ හ්‍යොන්ග්ගේ කටින්ම ඒක නූනට කියන්න ඕනේ කිව්ව නිසා..

ටික දුරක් ඇවිල්ලා හ්‍යොන්ග් කාර් එක නැවැත්තුවේ ලස්සම ෆ්ලවර් ශොප් එකක් ළග.. ෆ්ලවර් ශොප් එකෙන් හ්‍යොන්ග් අරන් ආවේ ලස්සන රෝස පාට මල් පොකුරක්.. නූනා ඇදාලා හිටිය ෆ්‍රොක් එකට ඒක ගොඩක් ලස්සනයි..

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Mr. Cheater 🤐Onde histórias criam vida. Descubra agora