Secret 😰

330 66 11
                                    

"අප්පා......"

සෝල් පාලම උඩ ඉදන් අහස දිහා බලන් හිටිය ජේකේගේ මතකය අතීතයෙන් මිදුනේ එයාගේ පිටිපස්සෙන් ඇහුන කට හඩට...

එයා හැරෙද්දී පොඩි දග මල්ලක් එයාව පහු කරගෙන දුවගෙන ගියා.. ජේකේ හරිම ආසවෙන් බලාගෙන හිටියා.. පොඩි හරි හිතේ කොනක ජේකේටත් මේ වගේ හීනයක් තියෙන්නෙ ඇති... සැනසුම් සුසුමක් හෙලපු ජේකේ සෝල් පාලමට සමුදීලා පයින්ම ආවේ ගෙදරට... සෝල්වලම තිබ්බ ජේකේගේ ගෙදර දැන් ඉස්සර තිබ්බ සතුට නෑ.. මිස්ටර් ජියෝන් කාලයක් තිස්සේ ගෙදරටම වෙලා ඉන්නේ ජන්ග් නැතිවුන දුක තාම හිත කොනේ හොල්මන් කරන නිසා.. ජූන් සෝ මිස්ටර් ජියෝන්ව බලාගන්න ඒ ගෙදරට ගියේ ජේකේගේ වගේම ජියෝන්ගෙත් අවසරය එක්ක..

ඒත් ඔම්මා නැති ගෙදර ජේකේට පාලු කනත්තක් වගේ වුනා...

පාරේ එහෙ මෙහෙ අත යන මිනිස්සු දිහා බලාගෙන ජේකේ ගෙදරට ආවා.. පයින්ම ආව නිසා කොල්ලට හිතුවට වඩා මහන්සියක් දැනුනා..

"කොහෙද පොඩී ගියේ?"

"මන් ගියා සෝල් නුවර බලන්න.. කාලයක් මගේ අස්වලින් හැංගුන ඒ ලස්සන බලන්න හ්‍යොන්ග්"

"‍යමු කන්න.. අප්පත් බලාගෙන ඉන්නේ"

කට්ටියම කෑම මේසේට ආවා..කාලෙකින් ඔක්කොම එකට.. එදා අකමැතිවුන සෝ නූනා අද ගෙදර සිරියාව වෙලා.. මගේ ඔම්මා වගේ එයා අප්පවයි හ්‍යොන්ග්වයි බලාගන්නවා... මට ඒ ගැන හිතේ කොනක ඇතිවුනේ පොඩි සතුටක්...

"ඒත් මගේ ඉයුන්....."

හීනි කට හඩෙන් මන් එහෙම කිව්වා නෙමෙයි ඉබේටම කියවුනා.. කොච්චර කාලයක් ගියත් මට තාමත් ඒ මූණ අමතක කරගන්න බැරිවුනා..

"ජේකේ කාලා ඉමු"

"හ්ම්ම් හ්‍යොන්ග්"

"පොඩී... මොකද කරන්න හිතාගෙන ඉන්නේ?"

"මන් ආයේ යන්න ඕනේ"

"ඒත් හ්‍යොන්ග් ආසයි ඔයා මෙහේ ඉන්නවට"

"මාත් ආසයි.. ඒත් එහෙ වැඩ ගොඩ ගැහිලා"

"හරි ආවා විතරනේ... අපි ටික දවසක් ඉමු"

ජූන් කොහොමත්ම මේ තත්වේ උඩ ජේකේව තනියම ආයේ ඔසී යවන්නේ නෑ.. මොකද ජේකේ ඉන්නේ හොද මානසික තත්වයක නෙමෙයි.. උදේ හවස බෙහෙත් ගන්න තරම් මානසික පීඩනයක කාලයක් ජේකේ විදෙව්වා.. යාන්තමට හොද වුන නිසා ආයේ ආයේ ඒ තත්වෙට තමන්ගේ මල්ලිව දාන්න ජූන් කොහොමත් ඩොක්ටර් කෙනෙක් හැටියට කැමති නෑ.

Mr. Cheater 🤐Donde viven las historias. Descúbrelo ahora