Hurt 💔

379 74 41
                                    

එන්න එන්නම වැස්ස තද කරද්දී ජේකේගේ තුරුලේ හිටිය මන් තවත් එයාගේ පපුවට ගුලි වුනා.. ඒක වැරැද්දක් ද කියලවත් ඒ විනාඩි ගාණට මට හිතන්න ඕනේ වුනේ නෑ.. මොකද ඒ මොහොත මන් වින්දා..

ජේකේගේ තද සිපගැනීම මාව වෙනම ලෝකෙකට අරගෙන ගියා.. ඒක ගොඩක් රසවත් වෙනස්ම දෙයක් වුනා.. ඒත් ඒ හාදුව තනිකරම අපි දෙන්නා අතරේ ආදරයට වඩා වෙන දෙයක් එලියට ගත්තා.. මගේ හැගීම් මටත් නොදැනීම එලියට එද්දී මගේ ඇගිලිවලින් මන් ජේකේගේ තෙත් පපුවේ රටා ඇන්දේ හුස්ම ගන්න එක ටික ටික හිර වෙද්දී.. ඒත්... ඒත් ඒ මොහොතකටවත් මට එයාව ඇයි ඈත් කරන්න හිතෙන්නෙ නැත්තේ??

"ජේ.....හ්ම්ම්ම්ම් ජේකේ....

මගේ කෙදිරුම් හඩට ජේකේ මගේ තොල්වලින් ඈත් වුනා..

"ඉයුන්......"

මන් මගේ නළල ජේකේගේ නළලට තියලා ඒ ඇස් දිහා ගොඩක් ආදරෙන් බැලුවා..

"ඔයා මට කොච්චර ආදරෙයිද??"

"ගොඩක්"

"ගොඩක් කියන්නේ??"

"කියන්න බැරි තරම් ගොඩක්....."

"මට පොරොන්දුවක් වෙනවද??"

"මොකක්ද බබා???"

"ඔයා... ඔයා කවදාවත් මගෙන් ඈත් වෙන්නේ නෑ නේද??"

"මොනාද ඉයුන් මේ... මන්... මන් පොරොන්දු වෙනවා"

මොන කෙහෙල්මලකට මට ඇඩුනද දන්නේ නෑ.. ඒත් මට ජේකේව නැති කරගන්න බයක් හිතුනා පලවෙනි පාරට..

"මට... ජේකේ මට බයයි.. මන් හිනා වෙන්න ගත්තේ ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ.. ප්ලීස් මගෙන් ඒ සතුට උදුරගන්න එපා..."

"කවදාවත් නෑ... මන් ඔයා එක්ක ඉන්නවා හැමදාම"

ඒ එක්කම ජේකේ මගේ ඉස්සරහා තිබ්බ ලොකර් එක ඇරියා.. ඒකේන් පැක් කරපු බොක්ස් එකක් මගේ අතට දුන්නා..

"අඩන එක නවත්තලා ඕක බලන්න"

මාත් කදුලු පිහද ගන්න ගමන් ඒක ඇරලා බැලුවා..

"ජේකේ... මේක.. මේක මටද??"

ඒක ෆෝන් එකක්.. දෙයියනේ මන් ආසම පාට..

"හ්ම්ම් ඔව්ව්.. මට ගෙදර ගියාමත් ඔයා එක්ක කතා කරන්න ඕනේ... මගේ නම්බර් එක සේව් කරලා ඇති

Mr. Cheater 🤐Where stories live. Discover now