Do you want to know my story??

343 75 28
                                    

"ඇයි ඔයා එහෙම අහන්නේ??"

මන් බල කරලා ඇහුවත් යූරිගෙන් මට උත්තරයක් හම්බුනේ නෑ.. ඒත් ඔව් මට ජේකේව මටත් වඩා විශ්වාසයි.. උත්තරයක් නැති තැන මන් ඒක අහන එක නතර කලත් යූරී ඇයි එහෙම ඇහුවේ කියලා මගේ ඔලුවේ දෝංකාර දුන්නා...
.
.
.
.
.
.
.
.
.

ජේකේ කිව්ව වෙලාවටත් කලින් මන් කැෆේ එක ළගට ගියේ සුපුරුදු ඩෙනිමයි ටී ශර්ට් එකකුයි ඇදගෙන.. මොකද ඉතින් වෙන කියලා මට ස්පෙශල් ඇදුම් නෑ.. මන් යන්නේ කොහෙද එන්න කීයටද කියන එක අපේ ගෙදර අයට ප්‍රශ්නයක් නැති එක නම් මට ලොකු සහනයක් වුනා..

එක පාරට ආව හෝන් සද්දෙට මන් ගැස්සුනා..

"නගින්න"

මන් ටග්ගාලා කාර් එකට නැග්ගා.. ජේකේ බ්ලැක් කලර් ට්‍රවුසර් එකකට ශර්ට් එකක් යට කරලා ඇදලා හිටියේ.. ඇත්තටම පැයක් වුනත් එක දිගට බලන් ඉන්න පුලුවන් ලස්සනක් එයාගේ තිබ්බා..

මන් කාර් එකට නැග්ග ගමන් ජේකේ කෙලින්ම මාවත් එක්කන් ගියේ ලොකු නොවුනත් ලස්සන ඇදුම් තියන පොඩි ශොප් එකකට

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මන් කාර් එකට නැග්ග ගමන් ජේකේ කෙලින්ම මාවත් එක්කන් ගියේ ලොකු නොවුනත් ලස්සන ඇදුම් තියන පොඩි ශොප් එකකට..

"බහින්න"

එලියට බැස්ස මගේ අතින් ඇදගෙන ජේකේ ඇතුලට ගියා.. ඇතුල් වෙද්දිම මැදි වයසේ ගෑනු කෙනෙක් අපේ ඉස්සරහට ආවා..

"මොකක්ද වෙන්න ඕනේ මිස්ටර් ජේකේ??"

එයා ජේකේව දන්නවා.. කොහොමද??

මන් ජේකේ දිහා බලන් හිතද්දී ජේකේ මාව එයාගේ අත්වලින් ළගට ගත්තා..

"ආන්ටි මේ මගේ යාලුවෙක්.. සිම්පල් ඩ්‍රෙස් එකක් මෙයාට"

යාලුවෙක්??

මන් ජේකේගේ මූණ දිහා එක එල්ලේ බලන් ඉද්දී කට කොනෙන් හිනාවුන ඒ ගෑනු කෙනා අපිටත් එන්න කියල ගමන් ඩ්‍රෙස් තියන පැත්තට යන්න හැරුනා.. ඒ එක්කම ජේකේ මගේ මූණ ළගට පාත් වුනා..

Mr. Cheater 🤐Hikayelerin yaşadığı yer. Şimdi keşfedin