Busan pt 2

389 69 40
                                    

උදේම මට ජේකේ කෝල් කරලා රෙඩී වෙන්න කිව්ව නිසා මාත් ටග්ගාලා ලෑස්ති වුනේ බිස්නස් වැඩක් කියලා හිතලා.. ඒත් මන් කාර් පාර්ක් එකට ගියාම මට තේරුනා ඒක බිස්නස් වැඩක් නෙමෙයි කියලා, මොකද ජේකේ හිටියේ බිස්නස් වැඩකට යන්න පුලුවන් ඇදුමකින් නෙමෙයි..

"ජේකේ???"

මන් කාර් එක ලගට ගිහින් පාත්වෙලා ශටර් එකෙන් ජේකේට කතා කලා..

"නගින්න"

"බට් ඔහොම ඇදගෙන?? කොහෙද යන්නේ??"

"නගින්න පරක්කු වෙනවා"

"අහ්හ්හ්හ්"

මන් නගින එක අදිමදි කරද්දී ජේකේ කාර් එකෙන් බැහැලා ඇවිල්ලා මාව බලෙන්ම වගෙ කාර් එකෙන් වාඩි කරවලා ආයේම කාර් එකට නැග්ගා.. මට වෙන මුකුත් හිතාගන්න බෑ..

"මන් පොඩි තැනකට එක්කන් යන්නම්"

"ඒත් ඇයි?? කොහෙද?? අපි ආවේ බිස්නස් වැඩකට නේද? මොනාද මේ වෙන්නේ??"

"අම්බෝ ප්‍රශ්න ගොඩ.."

"මට කියන්න ජේකේ.. ඔයාට මේ දේවල් විහිලුවක්ද??"

ඒ එක්කම ජේකේ කාර් එක අයිනට කරලා නැවැත්තුවේ තද බ්‍රේක් පාරක් එක්ක..

"විහිලු?? මොනාද ඉයුන් විහිලු?? මගේ ආදරේද??"

"ඔයා කියන්නේ මොන ආදරයක් ගැනද??"

මන් ලාවට හිනාවෙන ගමන් ජේකේගෙන් ඇහුවේ මාව අමු අමුවේ රවට්ටලා දැන් ආදරයක් ගැන කතා කරන නිසා..

"මගේ ආදරේ.. ජේකේගේ ආදරේ.. මන් තමුසෙට කරපු ආදරේ"

"ඔයා මට කරපු ආදරේ?? කෝ?? කොහෙද? කවද්ද ජේකේ?"

"ඉයුන් තමුසෙට මන් ආදරේ කලා.. ඔව් මන් ලොකු වැරැද්දක් කලා.. ඒක ලොකු වැරැද්දක්.. මට ඒකට ඕනේ පනිශ්මන්ට් එකක් දෙන්න,ඒත් මගෙන් ඈත්වෙන්න එපා ඉයුන්"

"මන් ජිමින් එක්ක ඔහොම හිටිය නම් ඔයා මට සමාව දෙනවද??"

මන් ඇහුව දේට ජේකේගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වුනා.. එයා හිතන්නේ නැතුව ඇති එහෙම දෙයක්.. ඒත් ඔව් ඔයා මට සමාව දෙයිද?? කවදාවත් නෑ නේද ජේකේ??

තප්පර ගාණකට කාර් එකම නිහඩබවෙන් ගිලුනා.. මන් එක එල්ලේ බලන් හිටියේ ජේකේගේ ඇස් දිහා.. ඒ ඇස්වල තිබ්බ අසරණකම මන් හොදටම දැක්කා.. වචන නැතුව හිරවෙන ගතිය මට දැනුනා..

Mr. Cheater 🤐Where stories live. Discover now