සෝයූන් 💜

309 58 54
                                    

"සෝ... සෝයූන්..."

ඉයුන් ගේ ඉස්සරහට ගිහින් කෑ ගහද්දී ජූන් ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ ඉයුන් කිව්ව නමට පුදුම වෙලා...

"ඉයුන්...."

"ඇයි ඔප්පා?"

"ඔයා සෝයූන් කියලද කතා කලෙ?"

"අහ්හ් ඔව්ව්.. ඇයි ඔප්පා??"

ඒ එක්කම සෝයූන් ඔන්නී ඇතුලේ ඉදන් එලියට දුවගෙන ආවේ කෑගහගෙන..

"ඉන්න මන් මේ එනවා"

සෝයූන් ඔන්නී එලියට ආව ගමන් බැලුවේ මන් දිහාවත් ජේකේ දිහාවත් නෙමෙයි...

"ජූ....න්... ජූන්"

"සෝ...."

මායි ජේකේයි මූණට මූණ බලාගත්තේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව.. ඔන්නී දොර ළග හිටිය මාවත් පහු කරගෙන දිව්වේ ජූන් ඔප්පා ළගට..

"ජූන් මේ ඔයා නේද??"

"මගේ සෝයූන්.. ඔයා..."

ජූන් ඔප්පා එයාගේ අත් දෙකට මගේ ඔන්නිගේ මූණ තද කරගත්තේ ඇස්වලින් කදුලු බේරෙද්දී.. තාමත් මායි ජේකේයි හිටියේ අතරමංවෙලා..

"ඔයා එනකන් මන් බලන් හිටියා ජූන්.. අවුරුදු පහක් බලන් හිටියා"

"මාත්... අද මන් නාව නම් මන් තාම දන්නේ නෑ.. දෙයියනේ එදා මන් ඔයා ළගටම ඇවිල්ලා හැරිලා ගියා.."

ඔන්නී හිටියේ ඔප්පව බදාගෙන.. ජේකේ ළගට ගිහින් උගුර පෑදුවේ මොකක්ද වුනේ කියලා දැනගන්න අපි දෙන්නටම තිබ්බ උවමනාවට..

"අහ්හ්හ් මේ හ්‍යොන්ග්.....

"ජේකේ... මේ... මේ මගේ සෝ.. මගේ සෝයූන්.. මන් අවුරුදු ගාණක් ආදරය කරපු"

"ඉයුන්... මන් ඔයාට කිව්ව මගේ ආදරය... ඔයාලා දෙන්න නිසා මට මගේ ජූන්ව ආයේ බලන්න පුලුවන් වුනා.."

"ඔන්නී... අඩන්න එපා.. දැන් සතුටු වෙන්නනේ තියෙන්නේ.. ඇයි මේ අඩන්නේ?"

"ගොඩක් ගොඩක් පින් ඔයාලා දෙන්නට.. මන් මැරෙන්න කලින් මට ආයේ මගේ ජූන්ව බලන්න පුලුවන් වුනා.. "

"විකාර කියවන්න එපා ඔන්නී.. අපි යමුද ඇතුලට.. වාඩිවෙලා කතා කරමුද?"

Mr. Cheater 🤐Where stories live. Discover now