උදෑසන හිරු රැස් ජනෙල් කවුළු අතරින් කාමරයට පතිත වෙන්නේ අලුත් දවසක නැවුම් ආරම්භයක් සමගින්. උදයක් ලස්සන වෙන්නේ අවටින් ඇහෙන කුරුල්ලන්ගේ කීචි බීචියත් එක්ක. වෙනදා වගේම අදත් ඒ පුංචි ගේ කුරුල්ලෝ සෝහිගේ ජනෙල් පට්ටම ලගට ඇවිත් තාලෙට කීචි බීචි ගාන්නේ සෝහිට Good Morning කියන්න වගේ.
සෝහි බිම ගෑවෙන ලස්සන දිග ගව්වමක් ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන එයාගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඉන්නේ. ඔව් ඇත්තටම සෝහා ගොඩක් පොහොසත්, ලස්සන, ආකර්ශනීය ගෑණු ළමයෙක්...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඒත්
එයා ඉන්නේ සතුටින් නම් නෙවේ. සෝහාගේ හිතේ කියාගන්න බැරි ලොකු වේදනාවක් හිර වෙලා තියනවා. සෝහා හොයනවා මොකක්ද ඒ වේදනාව කියලා. හැම සැප පහසුකමක්ම තිබිලත් ඇයි මම දුකෙන් කියලා එයා එයාගේ යටි හිතෙන් අහනවා... සෝහව තනිකම කියන ඝන වලාව වෙලාගෙන ඉන්නේ. සෝහා හොයන්නේ මොකක්ද? මොකක්ද එයාට නැති දේ?
ඒ මොකක්ද?
"ආදරය"
සෝහා වයස අවුරුදු 23ක ගෑණු ළමයෙක්.
සෝහගේ ජීවිතයේම හිටියේ එකම එක පුද්ගලයයී.ඒ......
Mr. Jeon Jungkookඑයාගේ මුලු ජීවිතයම, මුලු ආත්මයම අයිති වෙලා තිබුනේ ජන්කුක්ට. Jeon Jungkook කියන්නේ මේ මුලු ලෝකයේම බලය තමන් සතු වුන ලෝකගේ බලවත්ම Mafia නායකයා. ජන්කුක්ට ඩොලර් මිලියන ගණනක ව්‍යාපාර තියෙනවා. එයා ලෝකයේ ධනවත්ම පුද්ගලයා කිව්වොත් හරී. ඒත් ජන්කුක් කියන්නේ හදවතේ ලේ කඳුළක් නැති කෙනෙක්.
කිසිම කාරණාවක් නැතිව එයා මිනිස්සුන්ව මරනවා එයාට හිතෙන හිතෙන විදිහට... හරියට රාක්ෂයෙක් වගේ. ඉතින් එහෙම කෙනෙක් ආදරය, කරුණාව, දයාව කියන එක දන්නවද?
![](https://img.wattpad.com/cover/317749710-288-k773147.jpg)
YOU ARE READING
𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊 [Completed ]
Fanfictionඇත්තටම... ඒක වෙන්න පුලුවන් දෙයක්ද? රාක්ෂයෙක්ගේ වගේ හදවතක් තියෙන මනුස්සයෙක්ට ආදරෙන් බැදෙන්න.... ඔහු ඇයවත් රාක්ෂයෙකු කරාවිද? නැහැ ඇයව රාක්ෂයෙක්ටත් වඩා අන්ත පුද්ගලයෙක් බවට පත් කරාවිද? එසේ වුවොත් ඇය සදාකාලිකවම විදවාවි..... . . . . . ඉතිං මේ.... වෛරය ආ...