Chapter 02🖤

894 160 12
                                    

දැනටමත් හවස් වෙලා. මට මගේ ජන්කුක්ව හම්බෙන්න යන්න ඕනා.. ඇත්තටම මම මේ වෙලාවේ ගොඩක් කලබලයි.. ඒවගේම මට ගොඩක් පුදුමයි.. ඒක නිසාමද මන්දා මට කියාගන්න බැරි සතුටක් තියනවා..

ඒ කියන්නේ මට සතුට කියන දේ දැනුනා.. ඔව්ව් මට සතුට කියන්නෙ මොකක්ද කියලා අවසානයේදී දැනුනා. ඒක හරිම ලස්සන හැගීමක් ගොඩක් ලස්සන හැගීමක් මට දැනිච්ච..

ඒ කියන්නේ මගේ ජන්කුක් මට ආදරේ කරන්න පටන් අරගෙන, මං ගැන care කරන්න පටන් අරගෙන.. මම ඇදෙන් නැට්ටා නැගිටලා මම ඇදගෙන ඉන්න මගේ ඇදුම දිහා බැලුවා. මම ඇදගෙන හිටියේ සුදු පාට දිග සිල්ක් ගවුමක්.. ඒ ඇදුමට මගේ ලස්සන ගොඩක් හොදට කැපිලා පෙනුනා..

මම මගේ ලස්සන මෙහෙම කවදාවත් දැකලා තිබ්බේ නෑ. මට සතුට කියන දේ මීට කලින් දැනිලා තිබ්බෙ නෑ ඒත් අද මට ඒක දැනෙනවා. ඒ කියන්නේ සතුට කියන්නේ මේකට...

මං සතුටෙන් නිසා මං මගේ ප්‍රතිබිම්බය දකින්න ආසාවෙන් හිටියේ, ඒ නිසාම මං කණ්ණාඩිය ඉස්සරහට ගියෙ හිනා වෙවී මං එහෙම හිනා වෙවී ගිහින් කණ්ණාඩිය ඉස්සරහා හිට ගත්තා. මං හෙමින් සැරේ කණ්ණාඩිය දිහා බැලුවා. ඒත් ඒක තාම හිස්...

දොර හෙමින් ඇරුනා ඒත් එක්කම ඇතුලට ආවේ සාරා..

සාරා:-
"Mrs. Jeon. අද ඔයා හරිම ලස්සනයි."

මම සාරව බදාගන්න ගමන්ම මං සාරා එක්ක හිනා වුනා...

"සාරා...මට අවසානයේ ඒ දේ දැනෙනවා.. මට දැනෙනවා මම තවත් තනි වෙලා නෑ කියලා.. ඉතිං මං ගොඩාක් ගොඩාක් සතුටෙන් සාරා.."

මම එහෙම කියනකොට මටත් නොදැනී මගේ ඇස් වලින් කඳුළු බිංදු වැටුනා... සාරා hug එකෙන් මාව ඈත් කරලා මගේ මූණ දිහා බැලුවා..

සාරා:-
"සතුටෙන්? සෝහා ඔයා සතුටෙන් කියලා හිතන්න හේතුව මොකක්ද? "

"සාරා... ඔයා දන්නේ නෑනේ මම මගේ husband ඒ කියනෙ මගේ Jeon Jungkookව මං අද හම්බෙනවා.. එයා කිව්වා සාරා මට එයාට ලං වෙන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා කියලා. එයා කිව්වා අපි දෙන්නටම ලං වෙන්න පුලුවන් කියලා ඒ විදිහෙන්..."

සාරා ඇස් පොඩි කරලා මගේ දිහා බැලුවා...

සාරා:-
"නෑ මිස් ඔයා සතුටෙන් නෙමේ... ඔයාගේ ඇස් වේදනාවෙන් මිරිකිලා තියෙන්නේ.. ඔයාට ඔයාගේ හැම සැනසීමක්ම නැති වෙනවා එයාව දැක්කම සෝහා.. "

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now