Chapter 04🖤

701 141 5
                                    


"මම තාමත් ජීවත් වෙනවා.."

මම හෙමින් සැරේ මගේ ඇස් දෙක ඇරියා.. මීට කලින් මගේ ළඟ හිටපු මනුස්සයා මගේ ඉස්සරහා දැන් ඉන්නවා gun එකකුත් තියාගෙන.. ඒ දැකපු දේ මට හිතාගන්න බෑ ඒ වගේම මාව එතනම් ගල් ගැහුනා.. ඒත් එක්කම මගේ ඇස් දෙක ගියේ මගේ කකුල් දෙක ඉස්සරහා මැරිලා වැටිලා ඉන්න මනුස්සය දිහාට.. මේ මනුස්සයව මැරුවේ මෙයාද?! නෑ නෑ වෙන්න බෑ.... ඒත්,

"ඔයා.. ඔයා මොකක්ද මේ කලේ..?"

මම හිතාගන්න බැරි නිසාම මගේ කටින් පිට වුනේ ඉබේටමයි.

Jungkook:-
"මම ඔයාගේ ජීවිතේ බේරුවා.."

එයා ඒක කිව්වේ මගේ ලගට ලං වෙන ගමන්..

එයා මනුස්සයෙක්ව මැරුවා මං වෙනුවෙන්... මාව බේරගන්න..
ඒක ඇහුවට පස්සේ මගේ මුලු ඇගම ගල් වෙල සීතල වුණා.. මට හෙල්ලවෙන්නවත් බැරි තරම් අමුතුම බයක් හිතට ආවා........

Jungkook:-
"එන්න අපි යමු.."

එයා මගේ අතින් අල්ලගෙන එතනින් එහාට ගියා...

"ඔයා මාව කොහෙද එක්ක යන්නේ"

Jungkook :-
"මෙතනින් එහාට.. මොකද තව ටිකකින් පොලීසියෙන් එනවා මෙතනට"

"මට කිසි දෙයක් තේරෙන්නෑ... කවුද මේ මිනිස්සු???! ඇයි එයාලා මාව මරන්න ආවේ?!"

එයා ඇවිදින එක නවත්තලා මගේ දිහා හරි අමුතු විදිහට බැලුවා..

Jungkook:-
"කවුද දන්නේ... සමහර විට, ඔයා අහිංසකයි වගේ පෙනුනට අහිංසක නැතිව ඇති"

මම ඒ ඇස් දිහාම බලාගෙන හිටියා.. ඒ ඇස් ඇයි මාව confuse කරන්නේ.. මට හිතාගන්න බෑ ඒ ඇස් මොන වගේද කියලා...

"මම.. මම නරක කෙනෙක් නෙමේ.. මම නරක වැඩ කරන්නේ නෑ... මම කරන එකම දේ පොත් කියවන එක විතරයි! මම අඩුම තරමේ මදුරුවෙක්වත් මරන්නෑ.. මොකද මං හිතනවා එයාලත් මං වගේම ජීවත් වෙන්න ඕන කියලා.. මම හිතන්නෑ එයාලා මාව මරන්න ආවා කියලා ?"

ඒ මනුස්සයා ආයෙමත් මගේ දිහා හරි අමුතු විදිහට බලනවා.. ඇත්තටම මම අහිංසක වෙන්න හැදුවේ නෑ.. මම ඇත්ත කිව්වේ ඒ..

Jungkook :-
"ඔයා මාව හැමවෙලේම පුදුම කරවනවා.."

"මට.. මට ඇත්තටම පුදුමයි.. ඇයි ඔයා gun එකක් තියාගෙන ඉන්නේ කියලා..!"

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Onde histórias criam vida. Descubra agora