Chapter 15🖤

514 108 4
                                    

මම කර්ටන්ස් අයින් කරගෙන ලොකු වත්තට ඇතුලු වුනා.. එතකොට මම දැක්කා ඈතින් මුහුද දිහා බලාගෙන සිගරට් එකක් බිබී ඉන්න ජන්කුක්ව.. මට ආයෙමත් මගේ පපුව හිර වෙනවා වගේ දැනුණා..

එයා ඉන්නවා...

මම මගේ ඇස් වල තිබුන කඳුළු පිහිදාගෙන එයාගේ ලගට ඇවිදගෙන ගියා... මම ජන්කුක් ඉදගෙන හිටපු bench එක ඉස්සරහා තිබුන bench එකේ ඉදගෙන එයාගේ දිහා බැලුවා... ඒ වෙනකොටත් එයා ලොකු කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටියේ... ඒ වගේම ඒ ඇස් දෙකෙ මං ලොකු වේදනාවකුත් දැක්කා...

" මම... මම හිතුවේ... ඔයා ගිහින් කියලා..."

ජන්කුක් ලොකු සිගරට් දුමක් එළියට පිට කරන ගමන් එයාගේ ඇස් දෙක මගේ ඇස් දෙකේ නතර වුනා.. ඒ ඇස් දෙක තනිකරම කලු පාටයි මං වෙනදටත් මේ වගේම දැකලා තියෙනවා ඒත් අද වෙනදට වඩා හරිම වෙනස්...

Jungkook:-
" තමුසේ.. මෙතනට ආවේ කාගෙ අවසරේකින්ද..?!"

" ඔයා දොර ඇරලා ආවේ ඉතින් මං එළියට ආවා ජන්කුක්... මට ඕන නම් පැනලා යන්නත් තිබුනා.."

Jungkook:-
"එහෙනම් ඇයි ඔයා එහෙම නොකළේ... අහ්..?"

" මොකද මාව.. මාව තාම අල්ලගෙන ඉන්නේ.. ඒ දම්වැල් දාලා නෙමේ, ඒත්-"

මම කිය කිය හිටපු එක මට කියලා ඉවර කරන්න ජන්කුක් ඉඩ දුන්නේ නෑ.. එයා මගේ මූණ තදින් අල්ල ගත්තා..

Jungkook:-
" යනවා තමුසෙගේ කාමරේට... නැත්තම් මම.... යනවා මේ දැන්ම!"

එයා කේන්තියෙන් මගේ කම්මුල් තදින් මිරිකන ගමන් තරහෙන් මට කෑගැහලා මූණ ගස්සලා දැම්මා...

එයා ඒ කරපු විදිහට මාව ගැස්සිලා ගිහින් වැටෙන්න ගියා මම ඒ වෙලාවේ මේසේ අල්ලගෙන මගේ බය මම ගොඩක් අමාරුවෙන් පාලනේ කරගත්තා..

" ගියේ නැත්තම් මොකද අහ්? ඇයි ඔයා මට punish කරන්නද? තව ඔයා මට මොනා කරන්නද ජන්කුක් ඔයා මේ මොහොත වෙනකල් මට කරපු දේවල් හැමදේටම වඩා ලොකු දඩුවම් මට තේරුද..??'

ජන්කුක් මුකුත් නොකියා මගේ දිහා එයාගේ තද කලු වුන ඇස් දෙකෙන් බලාගෙන හිටියා.. ඒ ඇස් දෙකේ වේදනාවයි අසරනකමයි කියන දෙකම මම හොඳටම දැක්කා.. මට හිතා ගන්න බැරිවුනේ මේ වගේ කට ගහගෙන යන්න මට හයියක් ආවේ කොහොමද කියලා..

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Onde histórias criam vida. Descubra agora