Chapter 21🖤

535 116 12
                                    

[ඔන්න කතාවේ 3rd half එක අද පටන් ගන්නවා... ]

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

ඔයා මේ ඇත්තක්ද ? එහෙමත් නැත්තම් ඔයා රැවටීමක්ද...?
ඔයා මට හදපු criminally mind එකට මම ශාප කරනවා..
මම මගේ inner thoughts එක්ක හැමදාම අරගල කරනවා...
මම මාවම රවට්ටගන්නවා...
මම මං විසින්ම විනාශ කරගත්තා ලස්සනට පිපීගෙන ආපු මගේ හීන...
ඒත් දැන් හැමදේම වෙලා ඉවරයි.. 




මට කිසිම දෙයක් ගැන කිසිම පසුතැවීමක් නෑ... හැමදෙයක්ම තිබුනා වගේ නෑ හැමදේම වෙනස් වෙනස් වෙලත් නෑ ඒත් ඒ දේවල් තිබුනා වගෙත් නෑ..

අවුරුදු ගාණක් අඳුරෙන් වටවෙලා තිබුන මගේ ජීවිතේට පුංචිම පුංචි ආලෝකයක් ලැබිලා ඒ අදුරු ජීවිතේ අලුත් ජීවිතයක් බවට පරිවර්තනය වුනා..

හැමවෙලාවෙම මගේ මනස සැකය, කැලඹීම කියන දෙකෙන් අවුල් කරලා තියෙන්නේ.. ඒ කොහොමද කියන්න මම දන්නේ නෑ..

මේකද මට ඕන වුන සතුට...?

මගේ prosperity එක හරිම ලස්සන බොරුවක්.. ඒත් මම ඒක මාර විදිහට විශ්වාස කලා මගෙ මනසට මම ඒක ඇත්තක් කියලා ඒත්තු ගැන්නුවා...

හැමදාම උදේ හවස මම මේ දේ ගැනම හිතනවා මට මං ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා.. ඒත් මම සතුටු වෙනවා මම මගේ ආදරේ ළඟ ඉන්නේ.. මගේ ජීවිතේ තියෙන්නේ මගේ ආදරේ ළඟ මම ඇයි මට ඕන කරන දේ ළඟ තියාගෙන මගේ සතුට නැතිවෙන දේවල් හිතන්නේ...

මම මගේ ජන්කුක් ගැන හිතනකොට මේ හැම පසුතැවීමක්ම මට නැති වෙලා යනවා... ඒ කොහොමද කියන්න මම දන්නෑ...

මම එකදෙයක් දන්නවා මම ලස්සන ලොකු බොරුවක් ඇතුලේ හරිම සතුටෙන් ජීවත් වෙනවා ඒ බොරුව මාත් එක්ක මගේ ළඟින් ඉන්න නිසා... ඒ කියන්නේ Jungkook මගේ ඉස්සරහා ඉන්නකල් මගේ මේ බොරුව හැමදාම හරිම ලස්සනයි...

මම මේ ලෝකේ බය වෙන එකම එක දෙයයී තියෙන්නේ එයා මගේ ඇස් මානයෙන් පිට යන හැම මොහොතකම මං ගිණි ගොඩක් උඩ පණ පිටින් පිච්චෙනවා...

මම ඇත්තටම දන්නෑ එයා ඇත්තක්ද එහෙම නැත්තම් මායාවක්ද කියන්න... ඒත් මට ඕන වුනේ එකම එක දෙයයී ඒ එයාව මට නැති කරගන්න බෑ කියන එක විතරයී...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]حيث تعيش القصص. اكتشف الآن