Chapter 03🖤

841 146 3
                                    

මේ කොටසේ ඉදලා තියෙන්නේ Flashback එකක්...

__________________________________

මම නයිට් ක්ලබ් එක ඇතුලට යනකොට මං මගේ යාලුවගේ අතින් අල්ලගත්තා..

"මේහ්.. මේ.. ජූලියා ඇත්තටම මට හිතෙන්නේ මට මෙතනට යන්න ඕන කමක් නෑ.. මේ මම කිව්වේ මේකයී අපිට මේ වගේ තැනකට එන්නේ නැතුව ඉන්නයි තිබ්බේ..."

මම එහෙම ජූලියාට කිව්වේ මට නයිට් ක්ලබ් එකට ආපු එක හරියට නිකන් අපහසුතාවක් විදිහට දැනුන නිසයී..

ජූලියා:-
"ඇයි සෝහා මෙතන මොකක්ද තියෙන වැරැද්ද.. මේක සෝල් වල තියෙන හොඳම ක්ලබ් එකක්නේ... Come on සෝහා... Don't be boring darling..."

ජූලියා එහෙම කියන ගමන් මාව බාර් එක පැත්තා ඇදගෙන ගියා...

"අහ්.. ම්ම්ම්.. මං හිතනවා මෙතන එච්චර නරක නෑ කියලා.. hahaha"

මම අපහසුවෙන් වුනත් ජූලියට උත්තර දුන්නෙ මං බෝරින් කියලා අහන්න කැමැත්තක් නැති නිසා...

ජූලියා:-
"අපි මුලු රෑම බොමු... යේ... පොඩ්ඩ්ක ඉන්න... ඔයා බොනවා නේ සෝහා.."

මම ජූලියාගේ ෆීලින්ස් දැකලා ඇත්තටම පුදුම වුනා. එයා එක්ක බලනකොට ඇත්තටම මම තමා නේ ලෝකේ ඉන්න බෝරින් මනුස්සයා... මොකද කියනව නම් මං මගේ ජීවිත කාලෙටම බීලා තියෙන්නෙ එකම එක පාරයි ඒකත් වයින් පොඩි වීදුරුවක් විතරයි...

"අහ් ඔව්ව්.. ඔව්ව්.. ජූලියා.. මම එහෙම බෝරින් කෙනෙක් නෙමේ අනේ.. මම හැම weekend එකකම හොඳට බොනවා.. ඒ කියන්නේ තනිකර wasted shit.. hahahahaaa"

මම ඒ අවස්තවට adjest වෙන්න ජූලියාට බොරු කිව්වා.. ඇත්තටම ඒක මහම මහ පිස්සුවක් මට මොකද මම එහෙම කෙනෙක් නෙමේ නිසා.. මම ඇත්තටම මගේ weekend එක ගෙව්වේ මගේ අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකේ තිබ්බ ඔන්චිල්ලාවේ ඉදගෙන පොතක් කියවලා... කලාතුරකින් තමා මම එලියට යන්නේ... මට යාලුවො කීප දෙනෙක් හිටියා එයාලා එක්කවත් ගියේ නෑ ඇත්තටම කිව්වොත් මං හරිම nerd..

ඇත්තටම ජූලියා කියන්නේ මාත් එක්ක බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්.. ඒ කියන්නේ එයා හැම වෙලේම parties වලට යනවා, එයා ගොඩක් ආසයි එලියට යන්න, මම කවදාවත් නොකර ගොඩක් දේවල් ජූලියා කරනවා.. ඇත්තම කිව්වොත් මං එයට ඊර්ෂ්‍යා කලා. මොකද මට වෙන්න ඕන ජූලියා වගේ කෙනෙක්..

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Donde viven las historias. Descúbrelo ahora