Chapter 12🖤

538 112 11
                                    

කතාවේ 1st half එක ඉවරයි...
ඔන්න අද ඉඳලා කතාවේ 2nd half පටන් ගන්නවා...
.
.
.
.
.

ඔයා මාව ආයෙමත් පාරක් විනාශ කලා ජන්කුක්... මම ආයෙමත් අඳුරු ලෝකෙක තනි වුනා.. මට මාවත් නැති වුනා..

මම ගෙවුණු අවුරුදු දෙක පුරාවට හදාගත්ත හැම ශක්තියක්ම ඔයා එක විනාඩි 5කින් නැති කරලා දැම්මා...

මම හැම දවසක්ම... ඔයා වෙනුවෙන් බලාගෙන හිටියා.. ඔයාව හෙව්වා... ඔයා ගැන හිත හිත හිටියා...

ඔව්ව් මට පිස්සු... ඔව්ව් මට දැන් හොඳටම පිස්සු..

ඔව්ව්ව්..... ඔව්ව්... ඔව්ව්ව්...


මං දැං ඉන්න ගෙදරට ඈතින් සුදු පාට හිම වලින් පිරුණ ලස්සන කදු පන්තියක් මට පෙනුනා.. ඉස්සර මෙන්ශන් එකේ ඉන්නකොට දැක්ක කදු තරම්ම ලස්සන නැති වුනත් මේ කදු මැදින් හද පායනකොට ඒක දිහා බලාගෙන ඉන්න මම හරිම ආසයී... ඒත් එක්කම මගේ ගෙදර yard වැරන්ඩා එක පහලින් ගලාගෙන යන දොළ පාර මගේ හිත මාර විදිහට සන්සුන් කරනවා..

අර සිද්ධියෙන් පස්සේ මට එක අපාර්ට්මන්ට් එකක මාසයක්වත් ඉන්න බැරි වුනා.. ඒ සිද්ධිය වෙලා දැන් මාස 7ක් වෙනවා.. ඒ මාස 7ට මම අපාට්මට් 12කට වඩා මාරු කලා මේ ගෙදර විතරයි මම මාස එක හමාරක් එක දිගට හිටියේ..

මම yard වැරන්ඩා එකේ ඉදගෙන, මගේ එක අතක තුවක්කුව අනික් අතේ මගේ treatments වලට දෙන බේත්.. මම ඒ දෙක දිහා මාරුවෙන් මාරුවට බල බල හිටියා...

මට හැමදාම තෝරාගැනීමක් තිබුනා...
ඒ තමා,

තවත් මම ජීව්ත් වෙනවද...!
නැත්තම් මේ හැමදේටම නැවතීමේ තිත තියනවද...!

මේ හැම දෙයකටම නැවතීම තිබ්බේ නැති එක හේතුවක් තිබ්බා මට... ඒ ආයෙමත් එයා මගේ ලගට එනවා කියන බලාපොරොත්තුව...

මම දැං මගේ හැම වේදනාවක්ම නැති කරගන්න මං නැවතීමේ තිත තිබ්බොත්... මට ආයෙමත් කවදාවත් එයාව බලන්නවෙන්නේ නෑ....

මම තුවක්කුව මේසේ උඩ තියලා බේත් පෙති ටික මගේ කටට දාගත්තා...

මම තවත් දවසකට මේ වේදනාව දරාගන්න කියලා තව දවසක් ජීවත් වෙන්න මම මාව පොරොන්දු කරගත්තා...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang