Chapter 07🖤

662 130 5
                                    

(A/N කතාව පටන් ගන්න කලින් කිව්වේ Bekhayali Mein සිංදුවේ female cover එක හොයාගන්න පුලුවන් නම් කතාව මැදදි මං කියන්නම් ඒක අහන ගමන් කියවන්න...)

________________________________________

මම හෙමින් සැරේ මගේ ඇස් දෙක ඇරියා... මට පෙනුනේ සුදුම සුදු පාට බිත්තියක් මගේ උඩින් තියනවා.. ඒක සිවිලිමක් කියලා මට තේරුම් ගියේ නෑ.. ඒ ඇයි කියන්න මං දන්නෑ... ඒත් එක්කම මගේ බඩෙන් මට ලොකු වේදනාවක් දැනුනා..

මම හෙමින් සැරේ මගේ ඇස් එහාට මෙහාට ගෙනියනකොට මං දැක්කා මගේ ඇද එහා පැත්තේ නර්ස් කෙනෙක් ඉන්නවා..

මම ආයෙත් මගේ බඩේ තියෙන බැන්ඩේජ් දිහාට මගේ ඇස් අරගෙන ගියා..

අද කවදද? මං මෙහෙම කොච්චර කල් ඉදලද ඉන්නේ?

මේ ප්‍රශ්න මගේ ඔලුවේ හොල්මන් කරන්න ගත්තා.. ඒත් එක්කම එදා රෑ වුන සිද්ධිය මට එක පේලියට ගලාගෙන ආවා...

සාරා...!!!

"කෝ සාරා..?! එයාට කොහොමද..?!"

මම මගේ ළඟ හිටපු නර්ස්ගෙන් ඇහුවා..

මම එහාට මෙහාට හැරී හැරී සාරාව හොයන්න ගත්තම නර්ස් මගේ ලගට ඇවිත් මගේ ඇගෙන් අල්ලගත්තා...

Nurse:-
" Relax... Calm down Mrs.Jeon... ඔයාට තාව හොද වෙලා නෑ.. දැන් දවස් 3ක් ඔයා සිහිය නැතිව හිටියා"

"මට කියන්න සාරා කෝ කියලා....? කියන්න එයා කොහෙද ඉන්නේ...? එයා තාම ජීවත් වෙනවද?"

Nurse:-
" කවුද සාරා කියන්නේ..?"

නර්ස් confuse වෙලා වගේ මගෙන් ඇහුවා...

" සාරා කියන්නේ මගේ maid... Just tell me where is she..?"

නර්ස් ආයෙමත් පාරක් නිහඩවම මගේ දිහා බලාගෙන හිටියා...

Nurse :-
" Mrs.Jeon ඔයාට කවදාවත්ම maid කෙනෙක් හිටියේ නෑ... මිස්‍ට කිසිම කෙනෙක්ට ලං වෙන්න අයිතියක් නෑ මිස්.. "

මම ඒ වෙලාවේ හිනා වෙන්න ගත්තා.. මේ මනුස්සයට පිස්සුද.. මට මේඩ් කෙනෙක් හිටියා..

" බොරු කියන එක නවත්තන්න.. එයා මාත් එක්ක හැමදාම හිටියා... "

Nurse:-
" නෑ මිස්.. මට සමාවෙන්න මිස් එක්ක වාද කරන්න වුනාට... මිස් හැමදාම හිටියේ තනියම..."

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now