Chapter 16🖤

483 108 10
                                    


" ඔයා මාව කොහෙද අරගෙන යන්නේ..?"

ජන්කුක් මාවත් උස්සගෙන පඩිපෙළ නගිනකොට මම කකුල ගස්ස ගස්ස එයාගෙන් ඇහුවා ඒ වෙලාවෙම එයාගේ අතේ තිබුන gun එකේ body එකෙන් මට ගැහුවා..

Jungkook:-
" ඔයාව එක්කගෙන යන්නෙද babe... ඔයාගේ පුංචි අපායට..."

" මොකක්.. මොකක්ද ඒකේ තේරුම..?"

Jungkook:-
" තමුසෙට අමතක වුණාද? තමුසෙගේ KIA එකේ යාලුවෝ එක්ක එකතු වෙලා මාව prison එකට යැව්වා, තමුසෙ මගේ වටිනම මිනිස්සු ටික මට නැති කලා... තමුසෙ මගෙ හැම් බිස්නස් එකක්ම මට නැති කලා... මම තමුසෙව මෙතනට අරගෙන ආවේ ඒක celebrate කරන්න.."

මම දගල දගල ජන්කුක්ගෙන් මිදෙන්න උත්සාහ කෙරුවා ඒත් එයාගේ දරදඩු අත් එක්ක මට හැප්පෙන්න බෑ...

"යන්න දෙනවා... යන්න දෙනවා මට...!"

ජන්කුක් මාව අරගෙන ගියේ මැන්ශන් එකේ අඳුරු පැත්තකට අරගෙන ආවා... එයා මාව ඒ හෝල් වේ එකේ බිම ඔහේ අත ඇරලා දැම්මා... ඒත් එක්කම මගේ අත් වලින් තදින් අල්ලගෙනයි හිටියේ... ඒ දරදඩු අත් වලට අහු වෙනවා කියන්නේ මට කොහෙටවත්ම යන්න බෑ...

මම කොහොමද මාවම නැති කරගන්නේ... ඒත් ඇත්ත මං මේ විදවන එක වෙන්නේ...

ජන්කුක් අඳුරු කාමරේක දොරක් ඇරලා මාව ඒක ඇතුලට තල්ලු කලා...

ඒ කාමරේ දූවිලි පිරිණු අදුරු පරණ ලී කමරයක්.. මම බිම වැටුන විදියටම අනික් පැත්ත හැරිලා ජන්කුක් දිහා බැලුවා.. ඒත් එක්කම එයා කාමරේ දොර වැහුවා...

"මේ මොකක්ද මේ...?"

Jungkook:-
" ඔයාට ගොඩක් වුවමනා වුනා නේ මාව හිරේ දාන්න.. ඒත් ඔයා පරාද වුනා සෝහා... මම හිතුවා ඒ වෙනුවට ඔයාට prison එකක් හදන්න..."

නෑ.. නෑ වෙන්න බෑ.. එයා මාව මේකේ හිර කරන්නද මේ හදන්නේ...?!

"ඔයා මාව මේකේ ඇතුලේ හිර කරන්නද හදන්නේ..? නෑ ඔයාට ඒක කරන්න බෑ... ඒ වෙනුවට මාව මරන්න ජන්කුක්...!"

මට ඒ වෙලාවේ දැනුන බයටම මගේ කටහඬ මටත් නොදනීම්ම වෙව්ලන්න පටන් ගත්තා... මම වෛර කරනවා එයා මාව මේ තරම් දුර්වල කළාට...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now