Chapter 20🖤

508 107 11
                                    

මම ජන්කුක්ගේ අත තදින් අල්ලගෙන වාහන ලගට ආවා.. මට හිතාගන්න බැරි වුන එකම දේ තමා එයා ඇයි කිසිම කලබලයක් නොකර ඉන්නේ කියන එක... සමහර විට මගේ කට්ටිය ගොඩක් ඉන්න නිසා වෙන්නත් පුලුවන්...

මම මේ මොහොත එනකල් අවුරුදු 5ක් තිස්සේ බලාගෙන හිටියා... මම මට ලැබුන පොඩිම පොඩි හෝඩුවාවේ ඉඳලා පොඩිම පොඩි තොරතුරේ ඉඳලා හැමදේම හරි ගානට හරි විදිහට plan කලා.. මට හැමදේම අමතක වුනත් මම ඒ දේ හරි විදිහට කලා... මම දැනගෙන හිටියා මම මානසික රෝගියෙක් වෙන්න තියන සම්බාවිතාවය ගොඩක් වැඩී කියලා.. ඒ වගේම මම දැනගෙන හිටියා මෙයා මොන වගේ මිනිහෙක්ද කියලත්...

මම දැනගෙන හිටියා තව දෙයක් මාව කවදාම හරි ජන්කුක්ට අහු වෙනවා කියලත්, ඒ වෙනකොටත් මට නැතිවෙන්න කියලා දෙයක් තිබුනේ නෑ... එයා මගේ කියලා මගේ ළඟ තිබුන හැමදේම මගෙන් උදුරලා ගත්තා... මගේ ඔම්මා, අප්පා, ඔප්පලා දෙන්නා, මාව බලාගත්ත අජුම්මා.. ඉතිං මට තවත් නැති වෙන්න කියලා දෙයක් තිබ්බේ නෑ... ඉතිං ඒකයි මම කිසිම දෙයක් care කලේ නැත්තේ මට මොනවා වුනත්...

මට ඕන කලේ එකම එක දෙයයී මෙයාට punish කරන්න ජන්කුක්ව prison එකට දාන්න එච්චරයි මට ඕන කලේ...

මම මගේ යටතේ ඉන්න agentsලා දිහාට හැරුනා...

" මට දැන් හැමදේම මතයි මගේ මතකය මට ආයේ ලැබුණා... මට එකම එක දෙයක් මෙයාගෙන් අහන්න ඕන... මට මෙයා එක්ක පොඩි වෙලාවක් තනියම කතා කරන්න පුලුවන්ද..?"

එයාලා ඔලුව වනලා අපෙන් මීටර් කීපයක් ඈතට ගියා..

මම මගේ strengths ඔක්කම දාලා එයාගේ ඉස්සරහින් ගිහින් හිටගෙන එයාගේ මූණ දිහා බැලුවා.. ඊට පස්සේ මම මගේ අතේ තියන එයගේ තුවක්කුව දිහා බැලුවා.. මගේ අත හොඳටම වෙව්ලනවා..

මම ඒ තුවක්කුව උස්සලා ජන්කුක්ගේ ඔලුවට තිබ්බා..

"මේ තුවක්කුව.... මේක ඔයාට මතකයි නේද...?! මේක තමා ඔයා මට මීට අවුරුදු 2කට කලින් club එකේදි දීලා ගියපු තුවක්කුව...
So, I could end myself"

මම එහෙම කිව්වට ජන්කුක් බය වුනේවත් පුදුම වුනේවත් නෑ... එයා හරිම නිවුන ස්වභාවෙකින්ම හිටියා...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now