Chapter 06🖤

678 139 2
                                    


After One Week

එක දවසක් මම club එකට ගිහින් bar එකේ ඉදගෙන හිටියා... ඇත්තටම මට මාවම නැති වෙලා වගේ හැගීමක් දැනෙනවා.. ඇයි මම හොයන්නේ මාව මරන්න බලාගෙන ඉන්න mafia කෙනෙක්ව..? මට ඇයි කියන්න මාත් ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නෑ..!

Club එකේ music ගොඩක් හයියෙන් දාලා තිබ්බේ... මට ඒක දැන් ගානක් නෑ.. ඇත්තටම කිව්වොත් මම මේ සතියට එක පොතක් අතින් ඇල්ලුවේ නෑ.. වෙනදට ආසාවට පොත් හොය හොය කියවන මම දැන් පොත් දැක්කත් නොදැක්කා වගේ යනවා... ඔව්ව්, මට මාවත් නැති වෙලා වගේ.. මම තාම දන්නෑ මම කවුද කියන්න.. කොහොම වුනත් මම, හිතක් පපුවක් නැති mafia කාරයෙක්ගේ දුවෙක්...

ඇත්තටම මට මගේ ගැන පසුතැවීමක් දැනෙනවා... ඒත් මම මොකක්ද ඒකට කරන්නේ?!

ඒ සිතුවිලි මගේ ඔලුව පුරා හැමදාම යනවා.. මට එකම එක පාරක් එයාව හම්බෙන්න තිබ්බා නම්.. මට දැනෙන හැගීම.. මගේ පසුතැවීම.. මගේ වේදනාව එයාට කියන්න පුලුවන් නම්..
මගේ හිතට ඇත්තටම ලොකු සහනයක් දැනේවි...

මට හැමවෙලේම හිතෙන්නේ මගේ පවුල නිසා mafia කෙනෙක් වුන, එයාගේ පවුල , එයාගේ සතුට විනාශ වුන නිසා මට මගේ ගැන තරහක් තියෙනවා... මට මේ දේවල් එයාට කියන්න ඕන...

නෑ.. නෑ.. මම දන්නෑ මට මේ හිතෙන දේවල් හරිද කියලා.. මම ඇත්තටම දන්නෑ ඇයි මට එයාව හම්බෙන්න ඕන කියලා.. මට මේ දැනෙන හැගීම් මොනවද?! මටම තේරුම් ගන්න බෑ....

" Excuse me! ඔයා දැකලා තියෙනවද නිල් පාට ඇස් තියන handsom boy කෙනෙක්, එයාගේ බෙල්ලෙයි, මූණෙයි ටැටූ තියෙනවා. එයාගේ lips, eyebrow piercing කරලා. ම්ම්ම්... තව මොනවද? අහ් එයාගේ අතේ තිබුන tatoo එකේ 'REVENGE' කියලා ගහලා තිබ්බා."

මම ඇහුවේ බාර් එකේ හිටපු එක මනුස්සයෙක්ගෙන් එයාව මං දන්නෑ..

Man:-
"නෑ.... මං දන්නෑ එහෙම කෙනෙක්ව.."

ඒ මනුස්සයා එහෙම කිව්වම මම බිම බලාගත්තා. මම හැමවේලේම එහෙම දෙයක් ඇහුවම මනුස්සයො මගේ දිහා බලන්නේ හරියට මං පිටසක්වලජීවියෙක් වගේ. මට ඒක හරිම අමුතුවට දැනුනා. සමහර විට මම වෙනස් වගේ එයාලට පේනවා ඇති.

ඇත්තටම මං මගේ කාලේ නාස්ති කරගන්නවා. එයාට ඕන නෑ ආයේ මාව හම්බෙන්න.. ඇත්තටම මාව මරන්න plan කරන කෙනෙක්ව හම්බෙන්න ඕන නෑ තමා මාත්, මාව මරන්න බලාගෙන ඉන්න කෙනෙක්ව හම්බෙනවා කියන්නේ මොන තරම් මෝඩ වැඩක්ද?! මම කොහොම හරි මේ මෝඩ දේවල් අමතක කරලා දානවා...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now