Chapter 10🖤

573 120 14
                                    

මගේ ඇස් ඉස්සරහා... මම මේ හීනයක්ද දකින්නේ... මම මාවම කොනිත්ත ගත්තා... ඒත් එක්කම මගේ පිට හරහා අමුතු හීතලක් ගලාගෙන ගියේ මටත් නොදැනීමයි.. මම හිටපු තැනම ගල් වෙලා බලාගෙන හිටියේ මට මං කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරි වුන නිසා. මම ලොකු හුස්මක් අරගත්තේ කරන්නම දෙයක් නැති නිසා...

ඒත් එක්කම එයාගේ සිනිදු ඇගිලි තුඩු මගේ ඇගේ වදිනවා.. ඒත් එක්කම මගේ ඇස් වලින් මටත් නොදැනීම කඳුළු කඩාගෙන වැටෙන්න පටන් ගත්තා..

මට එයාගේ ස්පර්ශය දැනෙනවා....
මට එයාව දැනෙනවා...
ඔව්ව් මට ගොඩක් දැනෙනවා....

එක පාරටම මගේ ඇඟ දිගේ අමුතු සීතලක් ගියේ මටත් නොදැනීමයී. මම ජන්කුක්ගේ දිහා බැලුවා.. එයාගේ තද රතු පාටට හැරුණු ඇස් යක්ශාවේශයෙන් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා...

මේක හීනයක්ද?!
එයා ඇත්තටම මගේ ඉස්සරහ ඉන්නවද?!
මේ මගේ ජන්කුක්ද?!

"ජන්කුක්..."

මම බිඳුණු කටහඩින් ජන්කුක්ගේ නම කිව්වා...

මගේ ඉස්සරහා ඉන්න එයා කටකොනින් හිනා වෙන ගමන් මගේ දිහා බැලුවා.. ඒ ඇස් එක එල්ලේ මගේ දිහා බලාගෙන ඉන්නේ...

Jungkook:-
"කවදා ඉදලද ඔයා ඔච්චර කියවන්න පුරුදු වුනේ...? මං හිතුවට වඩා ඔයා ගොඩක් වෙනස් වෙලා..."

මට මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරිව මං බලාගෙන හිටියා... මගේ ඉස්සරහා මේ ඉන්නේ මම අවුරුදු 2ක් පුරාවටම අමතක කරන්න හදන මගෙ ලස්සන moster නේද? එයා මගේ ඉස්සරහා දැන්.. මට හිතාගන්නවත් බෑ..?!

එයා දිහා බලාගෙන ඉන්නකොට මට දරාගන්න බැරි අමුතුම විදිහේ වේදනාවක් මගේ ඇඟ තුලින් මට දැනුණා.. club එකේ music වලට වඩා හයියෙ මට මගේ හදවතේ සද්දේ ඇහෙනවා.. මට දැනෙනනේ මාව නිකන් trap වුනා වගේ.. මට ගොඩක් තරහයි.. ඒ තරහා තුලින්ම මං එයාට ආදරෙයි.. මට ගොඩක් දේවල් දැනෙනවා මේ වෙලාවේ ඒ හැමදේම මට වචන කරන්න තේරෙන්නෑ...

"මොකක්ද?.."

මම මාත් එක්කම පොර බැදුවා වචන ගලපන්න...

ජන්කුක් මගේ ලගට තවත් ලං වුනා.. අපේ දෙන්නා අතරේ සුසුමක පරතරක් විතරයි තිබුනේ.. මම එක පාරටම අඩියක් පස්සට ගියේ මටත් නොදැනීමයී.

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now