Chapter 14🖤

466 116 4
                                    

ඔයා මාව ආයෙමත් අල්ල ගත්තා... මට තේරුණේ එකම එක දෙයයී...

Nothing had changed and everything had changed...

මම ඔයා දිහා බලනකොට මට පේන්නේ.. ඔයා කරපු නරක දේවල්ම විතරයි.. මම දන්නවා ඔයා මේ ලෝකේ ඉන්න නරක මනුස්සයා... ඒත් මං ඔයාට ආදරේ කරන එක කවදාවත් අඩු වුනේ නෑ...

මට ඇත්තටම මොකක්ද මේ වුනේ... මීට අවුරුදු 7කට කලින් මම හිටියේ කොහොමද..? හැමදේම ගොඩක් වෙනස් වෙලා...

ජීවිතේ හරිම පුදුමාකාරයි.. ආදරේ කියන වචනෙට මුලු ජීවිතයක්ම දුර්වල කරන්න පුලුවන්ද..! මගේ ඔප්පා මට ඉස්සර කිව්ව දේ ඇත්ත... ආදරේ කියන්නේ මනුස්සයෙක්ගේ දුර්වලකමක්.. එතකොට ජන්කුක් මගේ දුර්වලකම.. එතකොට ජන්කුක්ගේ දුර්වලකම මොකක්ද?!



මම ලොකු හිසේ කැක්කුමක් එක්ක හෙමින් සැරේ මගේ ඇස් දෙක ඇරියා....

Wait... මොකක්ද මේ තැන...? මට මොකක්ද වුනේ....!

මගේ මුලු ඇගම පණ නෑ වගේ හරියට මාව තලලා දාලා වගේ.. ඔව්ව් මම හිතනවා හරි... ජන්කුක් මට drug එකක් දීලා මාව මෙහෙට අරගෙන ඇවිල්ලා.. එයා ආයෙමත් මාව හිර කරගෙන...

මම ගොඩක් අමාරුවෙන් ඇදට වාරු වෙලා ඇදෙන් නැගිට්ටා.. කකුල් දෙක බිම තියලා හෙමින් නැගිටින්න හදනකොට මට ඇදෙන් නැගිට ගන්න බෑ මාව එහෙම්මම ආයෙමත් බිමට ඇදගෙන වැටුණේ මගේ කකුල් දෙක පණ නැති වෙලා... ඒත් හිතට ශක්තිය අරගෙන මම හෙමින් සැරේ කාමරේ දොර ලගට ගියා...

ඒත් ඒක ලොක් කරලා... oh no... එහෙම වෙන්න බෑ ඒ කියන්නේ මං හිර වෙලා ඉන්නේ... මෙයා මට මොකක්ද කරන්න යන්නේ...?! මාව මරයිද..! මම දැනටමත් මගේ ජීවිතේ ගැන තියන ආසාව අත් ඇරලා ඉන්නේ.... මට දැනෙන්නේ මං මරණයේ අභියස ඉන්නවා වගේ....

ඒත් ජන්කුක් ආයෙමත් මගේ ජීවිතේට ඇවිල්ලා... මට අමුතු අමුතු මීට කලින් කවදාවත් නොදැනුන අමුතුම හැඟීම් කන්දරාවකින් මාව වෙලා ගත්තා... ඒ ගැහීම් මාව ජීවත් කරවනවා කියලා මට දැනුණා...

මට දැනෙන ඒ ලස්සන හැඟීම මම හරිම ආසාවෙන් මගේ ඇස් දෙක පියාගෙන විදින්න උත්සාහ කලා... ඒත් මම මාව පාලනේ කරගන්න ඕන... මම මාව පාලනේ කරගන්න ඕන ජන්කුක්ට ලං නොවී ඉන්න... මට ආයෙමත් කලින් වගේ වැරැද්දක් වෙන්න දෙන්න බෑ.. ආයේ මට ඉස්සර වගේ දුක් විදින්න බෑ...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now