Chapter 13🖤

508 113 6
                                    


Therapist:-
"ඔයාගේ husband..?! ඔයා එයාව දැක්කද Miho..?!

"මම එයාව දැක්කා... මම අන්ධ නෑ.. මට එයාව පේන්නවා..!"

මගේ තෙරපිස්ට් මගේ ලගට ලං වුනා..

Therapist:-
" Miho.. ඔයා ඔයාගේ බේත් ටික හරියට ගන්නවා නේද..?! "

එයා මගේ ලගට ඇවිල්ලා එහෙම අහනකොට මම ටිකෙන් ටික පිටිපස්සට ගියා...

" මොකක්... ඔව්ව් මං ගන්නවා ඒවා... මොකක්ද ප්‍රශ්නේ..? මෙයාට වෙඩි තියන්න please ජන්කුක්..."

මම ජන්කුක්ට කෑගහලා කිව්වා...

Therapist:-
" එයා මෙතන නෑ Miho.. ඔයා ඔයාවම රවට්ටගන්නවා ආයෙමත්... ඔයා ඔයාගේ හිතෙන් මවාගෙන ඉන්නේ..."

මොකක්... නෑ නෑ... ඇයි එයා එහෙම දෙයක් කිව්වේ... මම ආයෙමත් ජන්කුක් දිහා බලුවා එයා මට එයාගේ ලස්සන බනී smile එකෙන් හිනා වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා...

"Jungkook... ඔයා...-"

"Jungkook... Jungkook...."

එක පාරටම මගෙන් අතුරුදහන් වෙලා යන ජන්කුක් දිහා බලාගෙන මම මහ හයියෙන් කෑගැහුවා..

නෑ එයා යන්නේ කොහෙද.. ඔයාට මාව දාලා යන්න බෑ.. ජන්කුක්..

මම ආයෙමත් මේ අඳුරු ලෝකේ තනි වුනා.. මට ඒ වෙලාවෙ තේරුණේ මගේ අතේ තුවක්කුවක් තියනවා කියලා.. මම ඒක මගේ තෙරපිස්ට්ට දික් කරගෙන ඉන්නේ කියලා... මොකක්.. එහෙම වෙන්නේ කොහොමද ඒත්..?!!

එක පාරටම මගේ අත් දෙක වෙව්ලන්න ගත්තා.. ඒත් එක්කම මටත් නොදැනීම මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.. මගේ අතේ තිබ්බ තුවක්කුව එහෙම්මම මම බිමට විසී කරලා මගේ ඉස්සරහා ඉන්න තෙරපිස්ට් දිහා බලාගෙන හිටියා...

" මට.. මට... මොකක්ද මේ වුනේ.. අනේ.. අනේ.. මට මේ මොකක්ද වුනේ..."

මගේ මුලු ඇගම එකපාරටම පණනැති වෙන්න ගත්තේ මටත් නොදැනීමයී... මගේ හැමදෙයක්ම මගේ ඉස්සරහා කඩාගෙන වැටෙනවා වගේ මට දැනුණා.. මගේ තෙරපිස්ට් මගේ ලගට ඇවිල්ලා මගේ අතින් අල්ල ගත්තා...

Therapist:-
" Miho.. මම ඔයා ළඟ ඉන්නවා.. බය වෙන්න එපා.. කෝ එන්න ඉදගන්න.. හැමදේම හරි යයි තේරුනාද..."

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now