Chapter 05🖤

684 133 3
                                    


Jungkook:-
"ඉතිං... මං ඔයාව මට ආදරේ කරන්න සලස්සන්නම් සෝහා..! "

එය අන්තිමට කිව්ව වචනේ... ඒ වචනෙට මගේ ඇස් ලොකු වුනා... ජන්කුක් මගේ නම දන්නේ කොහොමද?!

"මොකක්?!... ඔයා මාව දන්නවා...? කොහොමද ඔයා මගේ නම දන්නේ?!"

Jungkook:-
"මං කවුරු නිසාවත් මං මගේ කාලේ නාස්ති කරන්නෑ... මං මගේ ජීවිත කාලේ පුරාම ඔයාගේ ගැන හෙව්වා සෝහා..!"

ජන්කුක් කිව්ව දේවල් වලට මට හීන් දාඩිය දාන්න ගත්තා..මට ඇත්තටම තේරෙන්නෑ මොකක්ද මේ වෙන්නේ කියලා.. මේක කොහෙන් කොහොම ඉවර වෙයිද කියලා මට හිතාගන්න බෑ.. ඒ ඇස් වල තිබ්බේ හරිම නරක දෙයක්.. ඒ කටහඩෙන් කිව්වේ මට අනතුරු අගවනවා වගේ...

එයා මාව එයාට ඕන විදිහට street එක දිගේ ඇදෙගෙන ගියා.. මට දැනුන බයට මට කරන්න ඕන මොකක්ද කියලාවත් හිතාගන්න බැරි වුනා... මට බයයී ජන්කුක් කිව්ව දේ මොකක්ද කියලවත් හිතන්න...

"Wait!!.. මට කියන්න ඇත්තටම මෙතන මොකක්ද වෙන්නෙ කියලා... ඔ.. ඔ.. ඔයා මාව මරන්නද හදන්නේ?! නැත්තම් වෙන දෙයක්ද?! මට තේරෙන්නෑ මොකක්ද වෙන්නේ කියලා.. ඔයා මාව බේරගත්තා..  ඔයාට මොනවද මගෙන් ඕන?!!!"

ජන්කුක් හැරිලා මගේ දිහා බැලුවා.. ඒ ඇස් දෙකේ කිසිම හැගීමක් තිබ්බේ නෑ... ඒ ඇස් දෙකේ තිබ්බේ හැගිම් විරහිත ගුප්ත බවක් විතරයි..  එයා නිකම් මගේ දිහා බැලුවේ යකෙක් දිහා බලනවා වගේ..

මම යකෙක්ද?!

මම මගෙන්ම අහගත්තා... ජන්කුක් මං කිව්ව දේවල් වලට කිසිම දෙයක් කිව්වේ නෑ...

"මම.. මම මොකක් හරි වැරදි දෙයක් කලාද?"

Jungkook:-
"ඔයාගේ ඇස්.... ඔයාගේ ඇස් ඒ මිනිහගේ වගේමයි... මගේ පාලනේ නැති කරනවා ඒ ඇස් දිහා බලාගෙන ඉන්නකොට.."

ඒ කටහඩේ තිබුනේ ලොකු වේදනාවක්... ඒත් එයා කිව්ව දේවල් කිසිම දෙයක් මට තේරුණේ නෑ..

"මිනිහා..?! කවුරු ගැනද ඔයා මේ කියන්නේ?!"

එකපාරම එයා මගේ කම්මුල අතෙන් මිරිකන ගමන් එයාගේ ලගට ඇදලා අරගෙන මගෙ ඇස් දෙකට එබෙනා.. ජන්කුක්ගේ ඇස් දෙක රතුම රතු පාටයි හරියට ගින්දර පිට වෙනවා වගේ... ඒ ඇස් දෙකෙන් මගේ දිහා බැලුවේ හරියට මාව පුච්චලා මරන්න වගේ...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now