🎭 01 Chapter 🎭

2.7K 288 41
                                    


Author pov,

"හාමර් වීදිය .."

පොඩි පොඩි තට්ටු තට්ටු ගොඩක් පෝලිමට දෙපැත්තෙන්ම ගිහින් තියනකොට අඩි 20ක් හෝ ඊට ටිකක් වැඩි කියන්න පුලුවන් තරමෙන් පුළුලකින් යුත් පාරක් ඒ මැද්දෙන් වැටිලා තිබුනෙ කොහෙන් හරි අවසානයක් දකින්න පුලුවන් කියලා ලාවට හරි බලාපොරොත්තුවක් ඇති කර ගන්න බැරි වෙද්දී . ඒකටම අතුරු පාරවල් ගොඩාක් එකතු වෙලා තිබුනෙ හරියට වංකගිරියක් මතක් කරන්න වගෙ... ඊටත් හපන් ඒකෙ එහා මෙහා යන කට්ටිය ගොඩ...

" ආහ් ඔව් මම මේ එන ගමන්. මට ටික වෙලාවක් දෙන්න මිස්ටර් ෆැන්ග් මගේ වාහනෙ මගදි නතර උනා!"

කැඩුන වාහනේ හදා ගන්නකන් නිකන් ඉන්න බැරි උන යීබෝ මීට අවුරුදු ගානකට කලින් තමන් දැනන් හිටපු ඒ කෙටි මාවත දිහාට වේගෙන් ගෑටුවෙ කොහොම හරි ඉක්මනට යන්න ඔනි කියලා හිතාන. හැබැයි ඉතින් ඔය ඔච්චර ඉක්මනට කොහොමත් දුවන්න ඔනි නැ. මොකද එකා තමා ඔය යන්න යන කම්පෙනි එකේ බොසා. එ උනාට ඊයෙ රට ඉදන් ඇවිදින් ඒ වෙනුවෙන්ම ලෑස්ති උන යීබොට කොහොමත් එක තැන ඉන්න බැරි ගිනිපුග්ගායක් තිබුනා..

ඒ හින්දම චීනේ ෂැංහයි නුවර කොහෙදෝ වැරදිලා වගෙ ඉංග්‍රීසි නමක් තිබුන එකම වීදියට රිංග ගත්ත යීබෝ හිත හදාගෙන ඒකෙ දකුනු පදික වේදිකාව දිගේ යන්න පටන් ගත්තා.. හැබැයි ඔය 'හාමර්' කියන නමකින් වෙන් වුන වීදියක් සෝමාලියාවෙත් ඇති කියලා හිතන්න පුලුවන් උනේ එහෙම වීදියක් නැති රටක් කොහෙවත් නැති වෙන්න බැරි නිසා..

ටිකක් විතර වේ...ගෙන් ඒ වගෙම එයා ගියෙ බස්සෙක් වගෙ ඔලුව කරකව කරකවා. කොහොමත් එහෙම වෙන්න ඔනි. එයා හිටපු නැති අවුරුදු තුනට ඔය කියපු වීදිය උනත් හරිම ඉක්මනට වෙනස් වෙලා තිබුනා. කොහොමත් ලෝකෙ වැඩියෙන්ම ජනගහනය ඉන්න රටේ එකත් වැඩිම ජනතාවක් ඉන්න නගරෙ හැටියට දවසින් දවස වෙනස් වෙන චීනෙ ඔය කියන වීදිය අගහරු ලෝකෙන් ආවා වෙන්න බෑනෙ වෙනස් නොවී තියෙන්න. මෙහෙමයි චීනෙ කියන්නෙ කොහොමත් අගහරු ලෝකයක් තමයි. එ හින්දම එක ඇතුලෙ තවත් අගහරු ලෝක තියෙන්න බෑනෙ..?

ඒ වේගවත් ගමනෙදි යීබොගෙ ඇස්වලට මතක ගොඩා...ක් ගලන් ආවෙ ඔලුව ඇතුලෙ වේගවත් සිතුවිලි ගොඩක් එකිනෙක ආක්‍රමනය කරන ගමන්. එයාට කොහොමත් ආසාවෙන් මතක් කරන්න ගොඩක් දේවල් එකෙ තිබුනා.. මොකද හාමර් වීදිය කියන්නෙ තනිකරම එක්දහස් බර ගනන්වල තාලෙට කෑම බීම ගොඩනැගිලි හදපු එංගලන්ත සුද්දාගෙ තාලෙ කඩවල් තියන වීදියක්. එකයි ඔක හැමදාමත් හාමර් වීදිය උනෙ. එකෙ ලස්සනම මතක තිබුනෙ හැරී පොටර් එකේ වගේ ඔටෝ පහල වෙන කෑම තියන මේස වගෙ කෑම මේසත් එකෙ තිබුන කඩ කීපයක් තිබුන නිසා.. එකට යීබො හරිම ආසයි. එ වගෙම එයාත්.. එයාගෙලගෙ හැම යාලුවෙක්මත්.. ඇයි අර එල්ලෙන ඔලුව.. ආහ් එවගෙ කන්න හදපු චොකලට් ඔලුත් එකෙ තිබුනා යීබොට තාමත් මතකයි. ඈක්කා නේත අනෙ..?

Dying Embers ( Yizhan ff- Completed )Wo Geschichten leben. Entdecke jetzt