🎭 15 Chapter 🎭

1.1K 212 40
                                    

Author pov,

"නගින්න"

"ඕනි නැ මන් මගේ කාර් එකේ යන්නම්."

"මන් කීවනෙ නගිනවා"

"මමත් කීවනෙ. මන් යන්නෙ මගේ කාර් එකේ වැන්ග් යීබෝ!"

" කට කට වහගෙන විහිලුවක් වෙන්නෙ නැතුව මේ දැන්ම නගිනවා වැන්ග් ෂාන්! මේ අන්තිම හොදින් කියන්නෙ. තමුසෙට ඕනි පලවෙනි දවසෙම වෙන වෙනම ගිහින් හැමෝටම විහිලුවක් වෙන්නද?"

කිසිම දවසක නැති විදිහට යීබෝ හයියෙන් කෑගහනකොට ගැස්සීලා ගියපු ජාන් බය වෙලා යීබෝ දිහා බැලුවා.. ඒ දෙන්න මැරි කරලා දවස් දෙකක් ගිහින් තියනකොට අද ඒ දෙන්නම එකට පලවෙනි වතාවට එකට යුනිවර්සිටි යන්න ලෑස්ති වෙන ගමන් තිබුනා. ජාන්ට ඕනි උනේ නැහැ කිසිම වෙලාවක යීබෝ එක්ක එකට යන්න. එයාට ඔනි උනේම එයාගෙ හිතේ යීබොට තියන අකමැත්ත පෙන්නන්න...

ඒත්.. ජාන් දන්නවා මේ ටිකේ හැමතැනම ප්‍රසිද්ධ මාතෘකාව උනේ ඒ දෙන්නගෙ වෙඩින් එක.. ඉතින් අනිවාර්යයෙන්ම ‍ඒ දෙන්න යුනිවර්සිටි එකට යන එක අද දවසෙ හොද නිවුස් එකක් වෙනවා හැමෝටම .. ඉතින් යීබෝ කීවා වගේ ඒ දෙන්නා වෙන වෙනම යන එක කොහොමත් ඒ තරම් හොද දෙයක් නොවේවි කියන එක යීබෝ කෑගහනකොට ජාන්ට මතක් උනා.

"ෂීට් බෙල්ට් එක දාගන්නවා!"

යීබෝ කියපු දේට මුකුත් කියන්න නොවෙනකොට ජාන් කේන්තියෙන්ම කාර් එකට නැගලා ඉද ගත්තාත් යිබොත් ජාන්ට නොදෙවෙනි කේන්තියකින් කෑගැහුවා..  කොහොමත් ඒ දෙන්නගෙ ඔය කේන්තිය මේ ආත්මෙට නැති වෙන දෙයක් නෙමෙ.

යීබෝගේ Pagani Huayra සිල්ව කලර් ස්පොට් කාර් එක යුනිවර්සිටි එකේ මේන් රෝඩ් එකට දානකොටත් වටේ හිටපු හැමෝගෙම විතරක් නෙමේ යුනිවර්සිටි එකේ වෙබ් එකෙත් ඒ දෙන්නා අවධානෙට ලක් වෙලා ඉවරයි .. යීබොගෙ සල්ලිකාරකම පෙන්නන්න පුලුවන් තවත් එක දෙයක් විදිහට එයාගෙ කාර් එක දිලිසි දිලිසි පාරෙ විදගෙන ඇවිදින් කාර් පාක් එකේ නතර කරනකොට ජාන් එයාගෙ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන හිටියා ...

" බනී ඔයා එලියට එනවද නැත්තන් මන්ම උස්සලා ගන්නද?"

යීබෝ කාර් එකෙන් බැහැලා ඇවිදින් ජාන්ගේ පැත්තෙ දොර ඇරලා කතා කරනකන්ම ජාන් දැනගෙන හිටියෙ නැ එයාලා යුනිවර්සිටි එකට ඇවිදින් කියලාවත්.. එයාට ඊලගට ලොකු ප්‍රශ්නයක් තියනවා..  අද ඉදන් තමා ලොකුම ප්‍රශ්න ටික පටන් ගන්නෙ.
හැබැයි ඒ ඔක්කොටම වඩා එයා ගාවින්ම හිටගෙන ඉන්න කෙනා නම් ලොකුම ප්‍රශ්නයක් කියලා තේරුන ජාන් යිබෝ අහන පමාවෙන් කාර් එකෙන් එලියට බැහැලා හිට ගත්තා..

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now