🎭 23 Chapter 🎭

1.2K 228 45
                                    

Author pov,

" දරුවව මට දෙන්න. මන් ගන්නම් එයාව"

" බැ.. ම-මන් ග-ගන්නම්"

යීබෝ බේබිව වඩා ගන්න ආසාවෙන් කීවා උනාවත් ජාන් එකට ඉඩක් නොදෙනකොට යීබෝට කේන්ති ගියා.. යීබොට දරුවාව වඩා ගන්න ඔනි උනා. ඒ එයාල්ගෙ දරු පැටියා...

"පස්සෙන් එනවා!"

කාර් එක පොලීසිය ගාවින් නවත්තපු යීබෝ දොරත් ඇරගෙන එලියට එනකොට ජාන්ට අන කරා...

" ඉක්මනට එනවා"

යීබෝ එලියට ගිහින් ටිකක් ඉස්සරහට ගියත් ජාන් නේන තැන අයෙම කැගැහුවම ජාන් වාහනෙ ඇතුලෙම ඉද්දි ගැස්සිලා ගියා..

පොලිසිය....   ජාන් මෙ ලෝකෙ බයම තැන්වලින් දෙවෙනි තැන පොලිසිය.. මීට අවුරුදු තුනකට කලින් එදා රෑ වෙච්චි හැම දේම ආයෙම ඇස් ඉස්සරහා මැවිලා පේනකොට ජාන්ට දැනුනා එයගෙ හුස්ම පවා හිර වෙලා යනවා වගෙ.. යීබෝ වෙනුවෙනුත් දැනුන බය නිසාම ජාන් වෙවුල වෙවුලම දොරත් ඇරගෙන එලියට බැස්සෙ ඒ හැම දේම ආයෙම අකුරෙන් අකුරට මතක් වෙනකොට ....

ජාන් ඉස්සෙලාම අසරන උනු තැන.. කවදාවත් නොහිතපු විදිහට ජීවිතේ රැකගන්න ඇවිදින් විනාස වෙන්න ගියපු තැන.. කොහොමද ආයෙම ඒ තැනට එන්නෙ? ජාන් බේබිව එක අතකින් වඩාගෙන ඔලුව කහ කහා ඉස්සරහට ගියෙ අසිහියෙන් වගෙ උනත් යීබො හිතුවෙ එයා  නිසා ජාන් බය වෙලා ඉන්නවා කියලා.. යීබෝ ඉස්සරහින් යන්න යනකොට ඒ පස්සෙන් ම ආව ජාන් පොලිසිය ඇතුලට අඩිය තිබ්බෙ පපුව පවා වේදනා දෙද්දි..

කොහොම කරත් ඇතුලට යන්න ඔනිම වෙනකොට ජාන් බේබිවත් තදින් අල්ලගෙන දකුනු අත උඩින් වම් අත තියාගෙන තදින් අල්ලගත්තෙ හිතට හයිය ගන්න ඔනි නිසා.

"ඉද ගන්නවා..!"

යීබෝ කොහෙටදෝ ගිහින් මේසෙයක් ගාවින් ඉද ගන්නකොට ජානුත් එයාට අනුව ඉද ගත්තා උනත් ජාන් හිටියෙ හොදටම බය වෙලා කියන එක ඒ මූන දකින ඕනිම කෙනෙක්ට තේරුනත් එයාව හොදටම දන්න යීබෝට හිතා ගන්න බැරි උනා ජාන් බය උන හේතුව. සමහරවිට එයාලා වෙන් උන කාලෙ ඇතුලත ජාන් හෝ එයා වෙනස් වෙන්න ඇති.. කොහොමත් මිනිස්සු වෙනස් වෙන්න යන්නෙ හරිම කෙටි කාලයක්. ඉතින් කොයි තරම් දැනන් හිටියා උනත්  කොයි තරම් තදින් දැනුනා උනත්  වෙනස් වෙන කෙනෙක්ව තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක්..

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now