🎭 19 Chapter 🎭

1K 200 33
                                    

Author pov,

     දවසින් දවස හරිම ඉක්මනට ගෙවිලා යන්න යනකොට ජාන් වගේම යීබෝත් ඒ දෙන්නට මගෑරුනු, නතර කරලා දාපු ආදරේ ආයේම විදින ගමන් හිටියා.  ඉස්සර කාලෙක පොරොන්දු උනා වගේම යීබෝ ජාන්ගේ අත හයියෙන්ම අල්ලගෙන හිටියා.. ජාන්ට ගලවගන්න බැරි විදිහට.

ඒ ගෙවෙන හැම තප්පරේකම යීබොගෙ ආදරේ අස්සෙ අතරමන් වෙන ජාන් සතුට වගේම දුකත් එක වගේම දරා ගත්තා.. ජාන් එදා කැෆටේරියා එකේදි යීබෝව ප්‍රතික්ෂේප කරපු වෙලාවේදී යීබොගෙ මූනේ තිබුන හැගීම් ජාන් ඉස්සරහා මැවිලා පෙන්න ගනකොට ජාන් එයා දැන් විදින යීබොගෙ ආදරේ විදින්න සුදුසුද කියලා නිතරම හිතන්න ගත්තා.. ඒත් එ දේවල් අයිති අතීතයට වෙනකොට ගෙවෙන මොහොත යීබො එක්ක ආදරෙන් ඉන්න ජාන් හිතා ගත්තා.  ජාන්ට ඔනි උනේ ඒ ආදරේ යිබොට ආයෙම දෙන්න..

" ජාන්.. ඔයා යුනිවර්සිටි එකේ වැඩ කරන්නෙ අඩුවෙන් දැන්. පපාට කියලා කම්පෙනි එකේ වැඩ ටිකක් අඩු කර ගන්නකො. අනික තව සෙම් එකකින් ෆයිනල්"

" ම්.. බලමු යීබෝ.. පපාට ටිකක් සනීප නැහැ. අනික ඔයා දන්නවා එයාට ඔනි මේ හැමදේම මම මුල ඉදන්ම ඉගෙන ගන්නවාට."

"ඔව් බනී.. ඒත් ඔයා ප්‍රෙෂර් වෙනවා වැඩී මෙහෙම ගියොත්. හැමදේම එකට නිසා අමාරුයිනෙ"

"ම්...එක නම් එහෙම තමා. ඒත් කමක් නැ.. ඔයා මන් ලග ඉන්නකන් ඒ කිසිම දෙයක් මට බරක් වෙන්නෙ නැති වෙයි යීබෝ.."

යීබෝ හිටියේ ජාන්ගේ උකුල උඩ ඔලුව තියගෙන සෝෆා එකේ දිගෑදිලා.. අද එයාලා මූවි නයිට් එකක.. ජාන් ආසම විදිහට සැරම සැර රාමේන් එකක් එක්ක යීබොගෙ ආසම බ්ලැක් කොෆී එකක් රස විදින ගමන් එයාලා ටික කාලෙක ඉදන් මේ විදිහට මූවි එකක් බලනවා.. ඒක එයාලා අතින් නිතරම සිද්ද වෙන දෙයක්.. කාර්‍ය්බහුල දවස් ගෙවෙනකොට පිටට ගිහින් නාස්ති කරන්න කාලයක් නොවෙනකොට ඒ දෙන්නම කතා වෙලා සතියට අනිවාර්යයෙන්ම එක මූවි එකක් බලන්න යොදා ගත්තා.. එක එහෙමමත් නෙමේ.. සතියට එකකට වඩා බැලෙනවා. මොකද  ඒ දෙන්නම මූවි බලන්න ආසයි. ඊටත් වඩා මූවි එකක් බලනකොට එකිනෙකාගෙ තුරුලට වෙලා ඉන්න ඒ දෙන්නා අස කරා.

Dying Embers ( Yizhan ff- Completed )Wo Geschichten leben. Entdecke jetzt