Author pov,එදත් දවස ගෙවිලා යන්න යනකොට යීබෝට පොරොන්දු උනත් කලින් ගෙදර එනවා කියලා ජාන්ට පුලුවන් උනේ නෑ කලින් ගෙදර යන්න. දවසේ සිද්ද උනු දේවල්වලින් ඔනිවටත් වඩා හෙම්බත් වෙලා හිටපු ජාන් රෑ වෙලා ගෙදර එන්න ආවෙ පිස්සෙක් වගෙ.. එයාට මහන්සී... ජාන් හිටියෙ ඔනිවටත් වඩා මහන්සි වෙලා, හිතින් වගේම ගතින්. ඊටත් වඩා හවස පැය ගානක ඉදන් එයාට දිගටම ඔක්කාරයට ආව නිසා ජාන් හිටියෙ දරා ගන්නම බැරි තෙහෙට්ටුවෙන්. එයාට ඔනි උනේ යීබොගෙ තුරුලට පැනලා නිදහසේ හුස්මක් ගන්න. ඒ අත් අතරෙ සැනසෙන්න..
ජාන් දන්නවා එයා සැනසීමෙන් ඉන්න පුලුවන් මට්ටමක නෙමේ ඉන්නෙ කියන්න. ඒ උනත් එයාගෙ අවුල් වුනු මනසට ලොකු විවේකයක් ඔනි උනා. ජාන්ට ඒ විවේකය ලැබෙන්නෙ එක උනුසුමක් ගාව විතරයි . එයා දැන් එතනට ඇබ්බැහි වෙලා ඉවරයි.. ඉතින් ඒ නිසාම මහන්සිය පැත්තක දාපු ජාන් එයාට පුලුවන් උපරිම වේගෙන් කාර් එකෙ ගෙදරට ආවේ පිස්සෙක් වගෙ..
" ඔහ් ලයිට්ස් ඔක්කොම දාලා.. මට කොහොමද අමතක උනේ ආයෙමත්?.. ආශ්.... එයා කීවෙ මාව සප්‍රයිස් කරනවා කියලනෙ. මෝඩයා වගෙ ආවට දැන්වත් මුකුත් ගත්තෙ නැ.."
රෑ 8 වගෙ වෙනකොට එයාලගෙ ගෙදර ඉස්සරහින් කාර් එක බ්‍රේක් කරපු ජාන් දැක්කෙ මුළු ගෙදරම ලයිට් දාලා තියන විදිහ.. එතකොටයි එයාට මතක් උනේ යීබො එයාට දෙනවා කීව සප්‍රයිස් එක ගැන. ජාන්ට මහන්සිය අමතක වෙලා ගිහින් ලොකු උනනන්දුවක් ඇති උනා යිබෝ එයාව සප්‍රයිස් කරන්න යන විදිහ බලා ගන්න..
ඒ උනත් ජාන් දැනගෙන හිටියෙ නෑ එයා ජීවිතේ කිසිම දවසක නැති විදිහට පුදුම වෙන්න යනවා කියලා. එහෙම දැනගෙන හිටියා නම් සමහරවිට ජාන්ට තිබුනා එදා ඒ අවාසනාවන්ත දවස මගෑර ගන්න අමාරුවෙන් උනත් අඩුම තරමින් ඔෆිස් එකට වෙලා හරි ඉන්න..
ඒ අවාසනාවන්ත රෑ ජාන්ගෙ මුළු ජීවිතේම වෙනස් කරයි කියලා ජාන් කිසිම වෙලාවක හිතන්න නැතුව ඇති...
" යීබෝ මන් ආවා.. යීබෝ ඔ...."
හිනාවෙන්නවත් මානසිකත්වයක් නොතිබුනත් යීබෝ වෙනුවෙන් ආයාසයෙන් මූනට හිනාවක් නගා ගත්ත ජාන් ගෙදර ඇතුලු උනත් යීබොට කතා කරන ගමන් දොර වහලා අඩියක් තිබ්බ ජාන්ගෙ මුව එහෙමෙම වැහිලා ගියෙ ඇතුලේ හිටපු අයව දැකලයි...
YOU ARE READING
Dying Embers ( Yizhan ff- Completed )
Fanfictionමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...