Author pov,ගිම්හාන කාලෙත් ගෙවිලා ගිහින් සීතලම සීතල දෙසැම්බරය උදාවෙනකොට යීබෝ වගේම ජාන්ගෙ ජීව්තෙත් ලොකු කඩයිමක් පහු වෙන ගමන් තිබුනා.. ඒ දෙන්නටම වයස අවුරුදු 18 වෙලා තියනකොට දෙසැම්බර් මාසෙම එයාලට සිද්ද උනේ හයි ස්කූල් එකේ ෆයිනල් එක්සෑම් එකට මුහුන දෙන්න..
" එක්සෑම් එක ලේසීද බනී?"
"හ්ම්ම් ඔව් යීබෝ. ඔයා උදව් කරපු නිසා ඒ සබ්ජෙක්ට් එක අමාරු උනේ නැ. ස්තූතියි යීබෝ.."
"ඔයා තාමත් මට ඒක කියනවා.."
"ඉතින් අනේ ස්තූතියි කියන එක සාමාන්‍යයි. ලවර්ස්ලා කියලා ඕක නොකියා ඉන්න ඔනි නැ.. කවුද අනෙ ඔය විකාර කියන්නෙ. ආදරෙ කරන අය අතරත් අනිවාර්යයෙන්ම ඔය වචනෙ තියෙන්න ඔනි. "
ඇත්තනෙ නෙහ්? කවුද අනෙ ආදරෙ කරන අය අතරෙ ස්තූතියි කියන වචනෙ කියන්න ඔනි නෑ කියන මෝඩ එකා? ස්තූතියි කියන වචනෙ අවශ්‍ය තැනදි කාට උනත් භේදයකින් තොරව පාවිච්චි කරන්න ඔනි වචනයක්.. හරිම වටින වචනයක්..
"හ්ම්....හ්ම්.. මන් කොච්චර කීවත් ඔයා කියනවනෙ බනී.. ආහ් ඔයා කැෆටේරියා එකට යමුකො. මන් ඉක්මනට එන්නම්. ෂූවා එනවා කීවා. ඔයා ගිහින් මොනවා හරි කන්න ගන්නකො අපි හැමෝටම"
"හරී.. එහෙනම් ඉක්මනට එන්න.."
" හරී බායි"
"බායි උම්මා.."
ජාන් යීබොට හයියෙන්ම උම්මා කියලා කියනකොට එයාලා වටේ හිටපු කීප දෙනෙකුත් එ දෙන්න දිහා බලනවා යීබෝ දැක්කා. ඉතින් මුකුත් නොකීවට යීබොගෙ කන් දෙක චූ...ට්ටක් ලැජ්ජාව නිසා රතු වෙලා ගියා..
" ආෂ්... බනී.."
යීබෝට ඇහැක් ගහපු ජාන් එතනින් යන්න යනකොට යීබෝ හිටපු තැනම නතර වෙලා ඈතින් පේන හෝල් එකක් දිහා බලාගෙන හිටියෙ එයාගෙ යාලුවෝ එනකන්.
යීබෝ හිටියෙ එදා ජාන් ඇද වැටුන කොරිඩෝ එක ඉස්සරහා .. එයාට මතක් වෙන්න ගත්තා ජාන් එයාව ඉස්සෙල්ලාම ස්කෝලෙදි දැක්ක දවස.. හැබැයි එයා ජාන්ව ඉස්සෙලාම දැක්කෙ හයි ස්කූල් එකේදි නෙමෙ. ඊට දවස් දෙකකට කලින් කන්ෆියුස් පන්සලේ ප්‍රාර්ථනා පලකේ ඉස්සරහාදී....
YOU ARE READING
Dying Embers ( Yizhan ff- Completed )
Fanfictionමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...