Author pov,"ම්ම්.... ම්ම්..."
ඔලුවට දැනුන තද බර ගතියත් එක්ක අසිහියෙන් වගේ හිටපු ජාන් කළු ගල් දෙකක් තිබ්බා වගෙ දැනෙන ඇස් දෙක විවර කර ගන්න ලොකු මහන්සියක් ගත්තා.. තප්පර කීපෙකට ඉන්නෙ කොහෙද කියලා හිතා ගන්න බැරි උනත් ඒ විනාඩියේම එයාගෙ ඇස් ලොකු උනේ මතක් උන දේ එක්ක..
"බේබී... දෙයියනේ මගෙ දරුවා...."
නිදන් හිටපු ඇද උඩින් එක පාරටම ඇස් දෙකත් ලොකු කරගෙන පැන්න ජාන්ගෙ අතට හයි කරලා තිබුන සේලයින් එක වගෙම කැනියුලා එක ඇදිලා ගිහින් අතෙන් ලේ විසික් උනත් ජාන්ට ඒ ගැන වගක් උනේ නැ..
පපුව පැලෙන්න වගෙ වේදනාවක් දැනෙනකොට දරා ගන්න බැරි තරමේ පසුතැවීමත් එක්ක එයා ලෑස්ති උනේ වහලා තිබුන කාමරෙ දොරත් ඇරගෙන යන්න උනත් දොරේ හැඩල් එකට අත තියන්න හැදුවෙත් ඒ එක්කම ඒක ඇරිලා ගියෙත් එකම පාරට වගෙ.
ඒත් එක පාරටම..
චටාස්....
ඉස්සරහින් ආව කෙනාගෙන් අත දිගෑරලා වැදුන කම්මුල් පාරත් එක්ක පන නැතුව හිටපු ජාන් ගිහින් ටයිල් කරපු පොලව උඩ වැටුනත් එයාට වෙච්චි දෙයක් හිතා ගන්න බැරුව එ කෙනා දිහා බැලුවත් මුළු ඇගම හිරි වැටිලා ගියෙ ඒ ඇස්වල තිබුන කේන්තිය නිසා...
" තොට පිස්සුද යකෝ..ආහ්? මැරෙන්න ඔනි උනා නම් උඹට විතරක් මැරෙන්න තිබුනා. මාර අම්මෙක්නෙ.. තමුන්ගෙ දරුවත් අරගෙනම මැරෙන්න යනවා. තමුසෙට සාප වෙනවා එ ලමයට කරන්න ගියපු දේට.. තමුසෙ වගෙ එකෙක් මැරුනා නම් එකත් එකක්. අර අහින්සක ලමයවත් මරන්න හැදුවා.. "
"මිනීමරුවා..."
දරා ගන්න බැරි තරම් කේන්තියෙන් හිටපු යීබෝ ජාන්ට එක දිගටම මාරාවේස වෙලා කෑගහනකොට ජාන් කට කොනෙන් හිනා වෙන ගමන් අමාරුවෙන් උනත් ආයෙම නැගිට්ට්ටා. එයාට යිබෝට උත්තර දෙන්න ඔනි වුනේ නැ. කොහොමත් යීබෝ කියන වචන වලට එයාගෙ හිත ඔනිවටත් වඩා රිදෙනවා තමයි. හැබැයි එයාට ඒක පිටට පෙන්නන්න ඔනි උනෙත් නැ.. වැනි වැනිම නැගිට්ට ජාන් ආයෙමත් දොර ගාවට යන්න ගියෙ පිස්සෙක් වගෙ ඔලුවත් කහ කහා...
![](https://img.wattpad.com/cover/327774277-288-k493877.jpg)
YOU ARE READING
Dying Embers ( Yizhan ff- Completed )
Fanfictionමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...