🎭 16 Chapter 🎭

1K 210 21
                                    


Author pov,

" වූහූ... හුරේ.. ලෙට්ස් ගෝ ටු ද ඩාන්ස්... "

" හේයි බෙබී, කැන් අයි ජොයින් විත් යූ"

"නෝ.. මට ඔනි තනියම විනෝද වෙන්න."

" අහ් ...වෝහ්.. ම්.. හුරේ..."

දම් පාට, රෝසපාට, කහ පාට එක එක පාට නියෝන් එලි අදුරු පාටට තිබුන මුළු හෝල් එක පුරාවට විහිදිල යනකොට කිසිම තාලයක් නැතිව කොටට කොටේ ලැජ්ජා බයක් නැතුව ගැහැනු පිරිමි භේදයකින් තොරව කන් දෙක පැලෙන්න තරම් සද්දෙන් දාලා තිබුන මියුස් එකට නටන ගමන් හිටියා .  එතන හිටපු බහුතරයක් හිටියෙ අසිහියෙන්..

ජාන් කියන්නෙ ඒ තරම් බොන්න පුලුවන් කෙනෙක් නෙමේ.. ඒ තරම්මත් නෙමෙ පවුලේ සාම්ප්‍රදාය නිසා වයින් විතරක් ටිකක් විතර බොන්න පුලුවන් උන ජාන්ට වෙන කිසිම සැර බීම ජාතියක් බීලා පුරුද්දක් තිබුනේ නැහැ. ඉතින් එක හුස්මට ගහලා දාපු ෂොට් තුනක් ප්‍රමානවත් උනා එයාට වැනෙන්න...

තද කළු ජීන්ස් එකට කළු ටී එක ඇදලා ඊට උඩින් කළු පාට ලෙදර් ජැකට් එකක් දාලා කොහෙන්දෝ හොයා ගත්ත රස්තියාදුකාර මාල වගේකුත් දාගෙන, ඊට අමතරව අත් වලටත් කළු ග්ලව්ස් දාගෙන තරමක් වැවිලා තිබුන කොන්ඩේ ඉස්සරහින් පස්සට කරලා දාල පෝනියෙක් බැදගෙන හිටපු ජාන්ගෙ තිබුනෙ අමුතුම සරාගී බවක්.. කිසිම කෙනෙක්ට පිහිටන්නෙ නැති තාලේ කාලෙකින් දකින්න ලැබෙන විදිහෙ කඩව්සම් බවක් එක්ක පිරුනු හුරුබුහුටි බවක්..

මීට අවුරුදු හතරකට විතර කලින් අහම්බෙන් හොරෙන් ඇවිදින් තිබුන ක්ලබ් එකට ජාන් අද ආවෙත් හොරෙන්. රෑ දහයත් පහු වෙලා තියනකොට යීබෝ ගෙදර නැති නිසාම ජාන් කාටත් හොරෙන් ක්ලබ් ඇවිදින් තිබුනා. සමහරවිට එදා තිබුනා වගේම ඒ හිතේ මොකක් හරි නොදන්න හැගීමක් හිර වෙලා නිසා වෙන්න ඇති අදත් එයා මෙතනට එන ඇත්තෙ.

කිසිම කෙනෙක්ට අවධානයක් නොදුන්න ජාන් ඇතුලට ඇවිදින් කෙලින්ම ගියේ බාර් කවුන්ටර් එක ගාවට.. ටික වෙලාවක් ඒ දිලිසෙමින් තිබුන ඇස් දෙක තැන තැන අඩ නිරුවතින් නටන අය දිහාට ගිහින් විඩාවට පත් උනාම ආයෙම නතර උනේ එය ලගම තිබුන ෂොට්ස් ටිකට.. එයාට එහා පැත්තෙන් හිටපු කෙනාත් එක හුස්මට ෂොට් දහයක් විතර ගහගෙන ගහගෙන යන හැටි ජාන් බලාගෙන හිටියා ..

Dying Embers ( Yizhan ff- Completed )Donde viven las historias. Descúbrelo ahora